Ads 468x60px

.

රංජන් හා උදාරිට ආදර පුදසුන අහිමි වෙයි

ආදර පූජාසනේ’ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිත රඟපෑම සඳහා තොරාගෙන සිටි ජනපි‍්‍රය නළු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක හා නවක නිළි උදාරි වර්ණකුළසූරිය ඉන් ඉවත්වී ඇතැයි වාර්තා වේ.
 
මෙම නළු නිළි යුවලගේ කාර්ය බහුලත්වය හේතුවෙන් මේ චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා පැමිණීමට නොහැකිවීම නිසා මෙලෙස ඉවත්වී ඇතැයිපැවසේ.

මේ අතරල මෙම නළු නිළි යුවල එම චිත‍්‍රපටයේ රූගත කිරීම් සඳහා නිසි වේලාවට නොපැමිණීම හේතුවෙන් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා මොවුන් ඉවත් කිරීමට තීරණය කර අතැයික්ෂේත‍්‍රයේ වෙනත් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද රංජන් රාමනායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ පසුගිය කාලයේ පැවැති පාළාත් පාලන මැතිවරණය හේතුවෙන් තමා කාර්යබහුල වී සිටි බවත්, එබැවින් ‘ආදර පූජාසනේ’ චිත‍්‍රපටයයේ රූගත කිරීම් සඳහා පසුගිය ජූලි 23 වැනිදා සිට දින 10 ක කාලයක් ලබා දී තිබූ බවයි.

අදාළ කාලයේ චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයා රූගත කිරීම් සිදු කිරීමට උනන්දු නොවූ බවද කී රාමනායක මහතා මෙම චිත‍්‍රපටයට තමා දායක වන්නේ මුදල් බලාපොරොත්තුවෙන් නොවන බවද පැවසීය.

කෙසේවුවද එහි අධ්‍යක්‍ෂ ඇලරික් මහතා තමාට ක්‍ෂෙත‍්‍රයට පැමිණීමට අතහිත දුන් අයෙක් බවද රාමනායක මහතා හෙළි කළේය.

ප‍්‍රවීන චිත‍්‍රපට නිෂ්පාදකයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වන ඇලරික් ලයනල් ප‍්‍රනාන්දු මහතා ‘ආදර පූජාසනේ’ චිත‍්‍රපටයේ නිෂ්පාදකයා මෙන්ම අධ්‍යක්ෂවරයාවේ.

ඇලරික් මහතා අනූපමා, ආදර රත්නය, කි‍්‍රස්තු චරිතය, රන් දම්වැල්, දළු ලන ගිනි, මැවිලා පෙනේ රූපේ, සෙනහස පෑවා ඇතුළු සිනමා පට රැසකටම අදායකවූ අයෙකි.

එසේම සුනිල් ආරියරත්න මහතා අධ්‍යක්ෂණ කළ කි‍්‍රස්තු චරිතය චිත‍්‍රපටයේ නිෂ්පාදකයා වූයේද ඇලරික් මහතා වන අතර, ඔහු එකළ එම චිත‍්‍රපටයට ලක්ෂ 100 ක් වැය කළ බවද පැවසේ.
.
‘ආදර පූජාසනේ’ චිත‍්‍රපටයේ සෙසු චරිත සඳහා රවීන්ද්‍ර රන්දෙණියල ක්ලීටස් මෙන්ඩිස්, වාසනා දන්තනාරායන ඇතුළු නළු නිළියන් දායකවී සිටිති.

මෙහි සංගීත අධ්‍යක්ෂණ හේමපාල රත්නායක මෙහෙයවන අතර, කැමරාකරණය කේ.ඞී. දයානන්ද විසින් සිදුකරනු ලබයි.

බණ්ඩාරවෙල, නුවරඑළිය, කොළඹ ආදී ප‍්‍රදේශවලදී ‘ආදර පූජාසනේ’ රූගත කිරීම් සිදු කිරීමට නියමිතය.
 
Related Posts with Thumbnails