Ads 468x60px

.

රිමාන්ඞ් භාරයේ සිටි කතක් ගැබ්ගෙන

රිමාන්ඞ්භාරයේ සිටි කාන්තාවක් ගැබ්ගෙන ඇත්දැයි සොයා බැලීමට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා අද (01) නියෝග කළේය.

පිච්චෙයි ඉරෝෂා කුමුදුනී නැමැත්ති මෙම සැකකාරිය ගැබ්ගෙන ඇතැයි ඇගේ නීතිඥවරයා විසින් ප‍්‍රකාශ කිරීමෙන් පසුව ඇය කොළඹ අධිකරණ වෛසවරායා හමුවට පමුණුවා ලබන අගොස්තු 04 වැනිදාට වෛස වාර්තාවක් ඉදිරිපත්කරන ලෙස ද විනිසුරුවරයා නියම කළේයග

මෙම නියෝගය කරනු ලැබුවේ 1999 වසරේ ජනවාරි 07 වැනිදා හෙරොයින් ග‍්‍රෑරැම් 142.4 ක ප‍්‍රමාණයක් විකිණීම සඳහා සන්තකයේ තබාගෙන සිටි සැකකාරියකට තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමට දින නියමකර තිබියදීය.

මෙම නඩුව ලබන ඔක්තෝබර් 08 වැනිදා යළි කැඳවීමට නියමිතය.

ඇය තවදුරටත් රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස ද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.

සැකකාරිය මාස දෙකකට අධික කාලයක් රිමාන්ඞ්භාරයේ පසුවන බව පැවසේ.
 
Related Posts with Thumbnails