Ads 468x60px

.

සාස්තර කියන අලි පැංචෙක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව අනාවැකි කියූ බූවල්ලෙකු පිළිබඳව පසුගිය දිනවල විවිධ පුවත් වාර්තා විය. කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳව ද අනාවැකි පළකළ අලි පැටවෙකු ගැන මෙම පුවත වාර්තා වේ‍. මාස 18 ක් වයසැති නෙලී මෙම අලි පැටවා ජර්මනියේ උද්‍යානයක ජීවත්වන බව සඳහන්ය.
ජයග්‍රහණය කරන බවට විශ්වාස කරන රටෙහි ධජය සඳහන් පාපන්දු දැල වෙත නෙලී විසින් තමන්ට ලබාදෙන පාපන්දුව යොමුකිරීමෙන් මෙම අනාවැකි පළකිරීම සිදුකරයි.

ජර්මනියේ පැවති කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සෑම තරගයකම පාහේ ජයග්‍රාහී කණ්ඩායම පිළිබඳව අනාවැකි පළකිරීමට නෙලී සමත්ව තිබීම විශේෂත්වයකි. එමෙන්ම ජපානය හා අමෙරිකාව අතර පැවතුණු අවසාන මහා තරගය ජයග්‍රහණය කරමින් ජපානය පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරන බවට ද නෙලී පළ කළ අනාවැකිය ද සත්‍ය විය.
 
Related Posts with Thumbnails