Ads 468x60px

.

‘විවාහවීමේ වයස අවුරුදු 15 දක්වා අඩු කිරීමට යයි’

තරුණියන්ගේ විවාහ වීමේ වයස් සීමාව අඩු කිරීම කෙරෙහි සිය අවධානය යොමුව ඇතැයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න මහතා කියයි.

අමාත්‍යවරයා මේ  බව පැවසුවේ, රත්නපුර දිස්ත‍්‍රික් විවාහ, උප්පැන්න රෙජිස්ට‍්‍රාර්වරුන්ගේ සංගමයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් ඊයේ (29) පැවති උත්සවයකදීය.

මේ සඳහා යෝජනා කර නීතී කෙටුම්පත් කළද ඇතැම් කාන්තා සංවිධාන සහ මව්වරුන්ගේ සංවිධානවලින් එයට එරෙහිව විශාල දෝෂාරෝපණයක් සෙනවිරත්න මහතා සඳහන් කළේය.
විවාහ වීමේ වයස අවුරුදු 15 දක්වා වත් අඩු කිරීමට සළකා බලමින් සිටින බවද ඔහු කීය.

මෙම වයස් සීමාව අඩු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇතැයිඅමාත්‍යවරයා අවධාරණය කළේය.
 
Related Posts with Thumbnails