Ads 468x60px

.

කැන්වස් රෙද්දකට කළ පිම්මක් වැරදී ජැකලින්ගේ වළළුකර ඇඹරිලා...

ඇය වේදනාව තිබියදී ද අදාල දිනට නියමිත රූගත කිරීම් සියල්ලකටම සහභාගි වුනාලු...

දකුණු පාදයේ වළළුකර ඇඹරී ගිහින්...

ශ‍්‍රී ලංකා රූ රැජිනක හා බොලිවුඩ් නිළියක වන ජැකලින් ෆර්නැන්ඩස්, රාස්කල් 2 බොලිවුඩ් සිනමාපටයේ රූගත කිරීමක් සිදුකරන අතර වාරයේදී අබාධයකට ලක්ව ඇතැයි වාර්තා වේ.

ඇය එම සිනමා පටයේ ගීත දර්ශනයකදී කරනම් ගැසීම සඳහා භාවිතා කරන කැන්වස් රෙද්දකට කළ පිම්මක් වැරදී මෙම අනතුර සිදුව තිබේ.අනතුරෙන් ඇගේ දකුණු පාදයේ වළළුකර ඇඹරීමකට ලක්වී ඇති බව වෛද්‍යවරු ප‍්‍රකාශකර ඇත.

ඇය වේදනාව තිබියදී ද

අදාල දිනට නියමිත රූගත කිරීම් සියල්ලකටම සහභාගිවී ඇති බවද මේ අතර බොලිවුඩ් ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේවුද ඇගේ වෛද්‍යවරයා විසින් මේ වන විට ඒ සඳහා අස්ථි සවි ගැන්වීමේ වෙළුමක් යොදා ඇති බවද පැවසේ.

එසේම ඇයට සති කිහිපයක් විවේක ගන්නා ලෙසද එම වෛද්‍යවරයා උපදෙස් දී තිබේ. මේ චිත‍්‍රපටයට අනිල් කපූර්, සයිෆ් අලී ඛාන්, ජොන් ඒබ‍්‍රාහිම් හා දීපිකා පදුකෝන් වැනි ප‍්‍රබල නළු නිළියන් රංගනයෙන් දායකවී සිටිති.

ජැකලීන්ගේ අනතුර නිසා එම නළු නිළියන්ගේද රූගත කිරීම් කාල වේලාවන් වෙනස් කිරීමට සිදුවන බැවින් ඇය වේදනාව තිබියදීද රූගත කිරීම් සඳහා සහභාගිවීමට තීරණය කර ඇතැයිද මේ අතර පැවසේ.
 
Related Posts with Thumbnails