ගබඩාවල පෙට්‍රල් ඉදිරි දින දහයකට පමණයි...
අසාදු ලේඛනගත කළ බිටෝල් සමාගමෙන් මෙරටට පසුගිය 14 වැනිදා පැමිණි පෙට්‍රල් නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම නතර කළ නිසා ඉදිරි දින දහයකට පමණක් ගබඩාවල පෙට්‍රල් ප්‍රමාණවත් වීමෙන් පෙට්‍රල් හිඟයක් ඇතිවීමට ඉඩ ඇතැයි තෙල් සංස්‌ථා නිලධාරීහු පවසති.
මීළඟ ඉන්ධන නෞකාව ලබන 29 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර රසායනාගාර පරීක්‍ෂණ, ගොඩබෑමට යන කාලය ආදිය නිසා පෙට්‍රල්වල හිඟයක් මතුවීම උග්‍ර වී ඇතැයි ද ඔවුහු කියති. කෙසේ වෙතත් පෙට්‍රල් හිඟයක් ඇති නොවන පරිදි පෙට්‍රල් බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත් ඊළඟ නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑම ඉක්‌මන් කිරීමටත් තෙල් සංස්‌ථා නිලධාරීන් පියවර ගනිමින් සිටින බවද එම නිලධාරීහු පැවසූහ.
බාල පෙට්‍රල්, බාල ඩීසල් හා බාල ලෝ සල්µර් ප්‍රශ්න නිසා කඩිමුඩියේ ඉන්ධන ගොඩබෑමද ප්‍රශ්නයක් වී ඇත.