Ads 468x60px

.

ජනප්‍රිය චිත්‍රපට නිළියකගේ අවසානය

1962 වසරේ අගෝස්‌තු මස 05 දින අධික ලෙස නිදි බෙහෙත් ගෙන කැලිපෝර්නියාවේ බ්‍රෙන්ට්‌වුඩ්හි පිහිටි නිවසේ කාමරයක මියගොස්‌ සිටි ඇමරිකානු ජනප්‍රිය නිළි Marilyn Monroe ගැන අදහස්‌ කීපයක්‌. 


ඇය මියගොස්‌ අදට වසර 50 ක්‌ ගතවේ. 1926 ජුනි මස 01 දින කැලිපෝර්නියා ප්‍රාන්තයේ ලොස්‌ඇන්ජලීස්‌ හි උපත ලද ඇයගේ මව ග්ලෙසි මොන්රෝ වන අතර, පියා කවුදැයි ඇය නොදන්නීය. මුල් නම නෝර්මා ජින් මෝර්ටෙන්සන්ය. පසුව Marilyn Monroe විය. ජින්ට වයස අවුරුදු 04 ක්‌ වනවිට සිය මෑණියන්ද අභාවයට පත්විය. 

පසුව තැනින් තැන ජීවිතය ගතකර, ගමන්කළ ජින් වයස අවුරුදු 16 දී ජිම් ඔපර්ම් නම් තරුණයකු සමග විවාහ වී තිබේ. 
 
පසුව එයත් වසර 04 ක්‌ වැනි කෙටි කාලයකට සීමා වී ඇත. ඇයගේ සිනමා ජීවිතයද ආරම්භ වන්නේ අමුතුම ආකාරයෙනි. ගුවන් යානා සමාගමක රැකියාවට යන අතර ඇයගේ රූපය සඟරාවක (Yank) නම් හමුදා සඟරාවක පළවීමෙන් පසු බොහෝ දෙනාගේ ආකර්ෂණය දිනාගත් ඇයට ප්‍රධාන පෙළේ සඟරා රාශියක කවර ඡායාරූපයද, මෝස්‌තර නිරූපණයටද අවස්‌ථාව උදාවිණ. 

මෙසේ ප්‍රසිද්ධිය ළඟාවෙද්දී ටුවෙන්ටීත් සෙන්චරි ෆෝක්‌ස්‌ (Twentieth Century Fox) සමාගම සමග චිත්‍රපටයක්‌ සඳහා ගිවිසුම් අත්සන් කරන ලදී. එහිදී බෙන්ලියෙන් නමැති අධ්‍යක්‌ෂවරයා ඇගේ නමට අකමැතිවීම නිසා ඇයට මැරිලින් නම යෝජනා කර තිබේ. පසුව ඇය මවගේ නමද එයට ගලපා Marilyn Monroe නමින් සිනමා ලොවට පිවිස තිබේ. 

එය 1946 වසරේ පටන් භාවිතයට යෙදී චිත්‍රපට කීපයකම එම නම එළිදක්‌වන ලදී. එම වසරේම ඇය ඉතා ජනප්‍රිය සඟරා 33 ක මුල් පිටුවේ කවරයට පෙනී සිට තිබේ. 1950 තිරගත වූ All about Eve චිත්‍රපටයට සම්මාන රාශියක්‌ ලැබූ අතර හොඳම චිත්‍රපටයට වන ඇකඩමි සම්මානයද, බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මානයද ඒ අතර විය. 

මේ අතර ඉතා ඉහළ ජනප්‍රියත්වයකට පත්වූ ඇය ජෝයි දිමැගිඕ නම් බේස්‌ බෝල් ක්‍රීඩකයා සමඟ පෙමින් වෙලී ඔහු සමග 1954 ජනවාරි 14 දා විවාහ වූවාය. එයත් කෙටි කලකදී අවසන් විය.

එසේම එයින් පසු හුදකලා වූ ඇය නිව්යෝර්ක්‌හි ජනප්‍රිය චිත්‍රාගාරයකට බැඳුණේය. එහිදී මාලන් බ්‍රැන්ඩෝද රඟපෑම් හදාරා ඇත. පසුව ඇය
Marilyn Monroe නිෂ්පාදන යටතේ (Marilin Monroe Production) Bus stop iy The prince and the Showgire යන චිත්‍රපට දෙකේ රඟපා තිබේ.

පසුව 1959 ජුනි 29 දා ආතර් මිලර් නම් වූ තිර කථා රචකයා සමග විවාහ විය. එයත් වසර 04 කින් නිමා විය. 1960 වර්ෂය වන විට ඇයගේ ආදායම් තත්ත්වය හා ජනප්‍රියත්වය ඉහළම තත්ත්වයකට පත්වී තිබිණි.

1953 දී Gentemen preper Blonds ඇය ඇමරිකන් ඩොලර් 1250 ක්‌ ද, 1959 දී Some like it hot සඳහා ඇ. ඩොලර් 100000 ක්‌ද 1961 දී ඔයෑ පසිසෙ සඳහා ඩොලර් 300000 ක්‌ද අය කර තිබේ. මෙම කාලයේ මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී සිටි ඈ 1961 දී නිව්යෝර්ක්‌ සිට නැවත හොලිවුඩ්වලට පැමිණි අතර, ජෝන් කෙනඩි හා ඔහුගේ සහෝදරයා වන බොබීත් සමඟ විවිධ කතා පැතිරී ගොස්‌ තිබිණි. 

මෙසේ ලෝකයේ ඉතා ජනප්‍රියත්වයට පත්වී සිටි ඈ 1962 අගෝස්‌තු 05 දා අධික ලෙස නිදි බෙහෙත් පානය කර කැලිපෝර්නියාවේ බ්‍රෙන්ට්‌වුඩ්හි පිහිටි කාමරයක මියගොස්‌ සිටියහ. මෙය ඉතා ජනප්‍රිය චිත්‍රපට නිළියකගේ අවසානය විය.
 
Related Posts with Thumbnails