ජනපතිට එරෙහිව තමිල්නාඩුව පුරා විරෝධතා... දුම්රිය සේවාත් නවතියි...
ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරයට එරෙහිව විරෝධතාවයේ නියිතු වූ විඩුදලෙයි සිරිතෛහල් පක්ෂයේ 30 දෙනකු පමණ තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වරිත් කරයි.
මෙම පිරිස තිරිච්චි ප්‍රදේශයේදී ධාවනය වෙමින් පැවති දුම්රියක් නවත්වා උද්ඝෝෂණයක් පවත්වමින් සිටියදී ඇති අතර තම්ලහර් වාර්වුරි මෛයි පක්ෂයේ සාමාජිකයින් 200 ක පමණ පිරිසක්ද කාංචිපුරම් හිදී අත්අඩංගුවට පත්ව ඇති බව එම වාර්තාවල සඳහන්ය.
රාජපක්‍ෂ මහතාගේ ඉන්දීය සංචාරයට විරෝධය දක්වා මේ වන විට තමිල්නාඩු ප්‍රාන්තය පුරා දුම්රිය සේවා අඩාල කරවීමට කටයුතු කරමින් සිටින බවද සඳහන්ය.
මේ අතර විරෝධතාවලට සහභාගීවීමට පැමිණි වයිකෝ ඇතුළු පිරිසකට මධ්‍ය ප‍්‍රදේශ් ප‍්‍රාන්තයට ඇතුළු වීමට ඉඩ නොදී දේශ සීමාවේ රඳවා තබා තිබේ.
තමිල්නාඩු කොටි හිතවාදී දේශපාලන පක්‍ෂ සහ ක‍්‍රියාකාරීන්ට මධ්‍ය ප‍්‍රදේශයට ඇතූලූ වීමද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. අදාල ප‍්‍රාන්තයට පිවිසීමේ මාර්ග සියල්ල දහස් ගණන් පොලිස් බල ඇණි යොදවා තරකර තිබේ.