තමාට
දරුවෙකු ලැබෙතැයි කිව්වත් ඒවාට බෙහෙත් තිබෙන බව පවසා දිගින්
දිගටම ලිංගිකව හැසිරිලා...
බලන්ගොඩ පොලිස්බල ප‍්‍රදේශයට අයත් බෙලිහුල්ඔයට ආසන්න ගමක පියෙක් සිය 13 හැවිරිදි දියණිය අමානුෂික අයුරින් දූෂණයට ලක්කර තිබෙනවා.
මෙම දැරිය දෙවසරකට ආසන්න කාලයක් මෙලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක ආර්.පී.රාජපක්ෂ මහත්මිය පැවසුවා.
පසුගිය 11 වැනිදා
ජාත්‍යන්තර ගැහැණු දරුවන්ගේ දිනය වෙනුවෙන් ශී‍්‍ර ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ පවත්වන ලද දැනුම්වත් කිරීමේ වැඩසටහනට මෙම දැරිය පාසැලෙන් සහභාගී වීමට නියමිතව සිටියත් සැකකාර පියා ඊට සහභාගී වීමේ මං අවුරා තිබෙනවා.
දැරියට බාල සොයුරෙක් හා සොයුරියක් සිටින අතර මව ආපනශාලාවක මුළුතැන්ගෙයි වැඩ කරන බවද පැවසේ. පියාද කුලී වැඩ කිරීමෙන් දිවි ගෙවයි. දැරිය වැඩිවියට පත්ව ඇත්තේ මේ වසරේ අගෝස්තු මාසයේ බව පවසන අතර තමාට දරුවෙකු ලැබෙතැයි දැරිය පියාට පවසා තිබෙනවා.
ඒවාට බෙහෙත් තිබෙන බව පවසා දිගින් දිගටම ලිංගික කාර්ය්‍යයේ නිරතව ඇති බවට තතු අනාවරණය වේ. කිසිවෙක් නිවසේ නොමැති විට හා රාතී‍්‍ර කාලයේ මවට නින්ද ගිය පසු අවස්ථාව සලසා ගන්නා බව ද දැරිය පවසා තිබෙනවා.
ලෝක ගැහැණු දරුවන්ගේ දිනයෙන් පසු දැරිය පාසැලේ ගුරුවරියකට මෙම තොරතුරු අනාවරණය කිරීමෙන් පසු පොලීසියට පැමිණිල්ල කර ඇත.
දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර වෛද්‍ය වාර්ථාව මෙතෙක් ලැබී නොමැති බව බලන්ගොඩ පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂක ආර්. පී.රාජපක්ෂ මහත්මිය පැවසුවා.
සැකකරු ඊයේම අත්අඩංගුවට ගෙන ඇති අතර බළන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.