කැසිනෝ ව්‍යාපාරික නලීන් ගේ 'බොඩිගාඩ්' කෙනෙකු ලෙස සේවය කරලා...
ජැයික් හිල්ටන් හෝටල් රථගාලෙදී අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා ඇතුළු පිරිසකගේ පහර කෑමකට ලක්වූ බව පැවසුන හමුදා බුද්ධි අංශ මේජර් සුසේන මහතා වරදකරු බවට හමුදාපති ලූතිතන් ජෙනරාල් ජගත් ජයසූරිය තීන්දු කර තිබෙනවා.
මෙම මේජර්වරයා සිය පිස්තෝලය අනිසි ලෙස පරිහරණය කරමින්, කැසිනෝ ව්‍යාපාරික නලීන් ෆොන්සේකා මහතාගේ 'බොඩිගාඩ්' කෙනෙකු ලෙස දිගු කලක සිට ආරක්‍ෂාව සපයා ඇතැයි හමුදා මූලික පරීක්‍ෂණ උසාවිය තහවුරු කර තිබෙනවා.
ඒ අනුව යමින් යුධ හමුදාපතිවරයා එම තීරණය ගෙන තිබෙනවා.
මේ අනුව පහර කෑමට ලක්වූ හමුදා බුද්ධි අංශ මේජර්වරයාට හමුදා නීතිය යටතේ ඉදිරියේදී දඬුවම් පමුණවනු ඇති බව හමුදා මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරනවා.
පහර කෑමට ලක්වූ හමුදා බුද්ධි අංශ මේජර්වරයා මේ වනවිට යුද හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බව නිල නොලත් ආරංචිමාර්ග සඳහන් කරනවා.
හමුදා බුද්ධි අංශ මේජර්වරයා පහර කෑමට ලක්වීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමට යුද හමුදා මූලික පරීක්‍ෂණ උසාවියක් පත් කර තිබූ අතර අදාල විනිසුරුවන් එම වාර්තා යුද හමුදාපතිවරයාට යොමු කර තිබුනා.