ජනපති යෑමට සැරසුණු ගුවන් යානයේ එන්ජිමක කාර්මික දෝෂයක්...
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව්දින ඩුබායි නිල සංචාරය සදහා ඊයේ (21) පස්වරුවේ පිටත්වීම නියමිත තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයේ එන්ජින් දෝෂයක් තිබී ඇත. සංචාරය ඇරඹීමට පෙර අවසන් මොහොතේ ජනපති ආරක්ෂක අංශය විසින් එම දෝෂය අනාවරණය කරගන්නා තෙක්ම ශ්‍රී ලංකන් ගුවන් සෙවයේ කිසිදු නිලධාරියෙක් ඒ පිළිබදව දැන සිට නැත.
ආරක්ෂක අංශයේ ප්‍රශ්ණ කිරීම් වලින් පසුව එම දෝෂ සහගත කොටස වෙනුවට වෙනත් යානයකින් කොටසක් මාරු කිරීමට ශ්‍රී ලංකා ගුවන් සේවයේ බලධාරීන් ගත් තීරණය ජනපති ආරක්ෂක අංශය හා රජයේ බලධාරීන් ප්‍රතික්ෂේප කර ඇත.
පසුව ජනාධිපතිවරයාගේ ඩුබායි සංචාරය සදහා වෙනම ගුවන් යානයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයට දන්වා ඇති අතර පැය කිහිපකය පමාවකින් පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සිල සංචාරය අරඹා ඇත.
මෙසේ ආරක්ෂක අංශය සොයාගන්නා තුරු ඉන්ධන ගෙන යන හයිඩ්‍රොලික් පද්ධතියේ දෝෂයක් තිබියදී ඒ සම්බන්ධයෙන් දැනුවත් නොවී සිටීම පිටුපස කිසියම් කඩකප්පල්කාරී ක්‍රියාවක් සිදුව ඇත්දැයි යන්න පිළිබදව ජනපති ආරක්ෂක අංශය ඒ මොහොතේ ම පුළුල් පරීක්ෂණයක් අරඹා ඇත.
ගුවනේදී ටර්බයිනයක් ක්‍රියාවිරහිත වූයේ නම් එය යානයේ සමබරතාවය ගිලිහීගොස් විනාශයට පත්වීමට ඉඩ තිබූ බව ගුවන් යානා යාන්ත්‍රික ඉංජිනේරුවෙක් පවසා ඇත.