විෂ දළ ගලවා ඇති බැවිනුත් අල්ලා අත පත ගා හුරුවී ඇති බැවිනුත් ඕනෑම අයෙකුට නාගයා අල්ලන්න පුළුවන්...
විෂ දළ විෂ කෝෂ වලින්ම ගලවා ඉවත්කර තිබු නිසා මෙය සම්පුර්ණයෙන්ම සත්ත්ව හිංසාවක්ලු...
නාගයාගේ වයස වුරුදු 6 යි ලු...
කොල්ලුපිටිය සමාජ ශාලාවක නළඟන විසින් ඇති දැඩි කල නාගයා දෙහිවල සත්වෝද්‍යානය භාරයට පත්වීමෙන් අනතුරුව ගත වූ මාසයක් වැනි කෙටි කාලයක් ඇතුලතදී හොඳින් ආහාර ගනිමින් සෑහෙන තරමක වර්ධනයක් ලබා ඇතැයි සත්වෝද්‍යාන උරග උයනේ අධීක්ෂණවරයා පවසනවා.
අඩි තුනක් පමණ දිග මෙම නාගයා සත්වෝද්‍යානයට භාර දෙන විටම විෂ දළ විෂ කෝෂ වලින්ම ගලවා ඉවත්කර තිබු බවත් මෙය සම්පුර්ණයෙන්ම සත්ත්ව හිංසාවක් බවත් ඔහු පවසනවා.
විෂ කෝෂ වලින්ම දළ ගලවා ඉවත්කළ පසු කිසිදාක එම දළවල නැවත විෂ හට ගැනීමක් සිදු නොවන අතර දළ ගැලවීම නිසා ගොදුර අඩපණ කරගැනීමට නොහැකිව එම සතාට ආහාර ලබාගැනීම තරමක් දුරට අපහසුවක් නිසා දිනක් වයසැති කුකුළු පැටවුන් හා සතියකට වරක් මී පැටවුන් වැනි සජීවී ගොදුරු ලබා දෙන බවයි වාර්තා වෙන්නේ.