Ads 468x60px

.

මියගිහින් වසර 50කට පසුව PLAYBOY සඟරාවේ නිරුවතින් එන සුරූපී නිලිය...

නිරුවත් ඡයාරූප කලාව උසස් කලා මාධ්‍යයක්ලු...

මියගිහින් තියෙන්නේ නිවසේදී පෙති වර්ගයක් පානය කිරීමෙන්...

එතකොටත් මොන්රෝගේ සිරුර නිරුවත්ව තිබිලා...

මැරිලින් මොන්රෝ මිය ගොස් වසර 50ක් පිරීම සමරමින් ඇය PLAYBOY සඟරාවේ මුල්පිට කවරයට නැවත පැමිණ තිබෙනවා මෙම සුරූපී නිලිය 1953 PLAYBOY හි පලමු මුල්පිට නිරූපිකාව වූ ලෙසම ඇය අදත් මුල්පිටුව හැඩගස්වනු ඇත.

හග් හෙෆ්නර් ගේ සඟරා සංරක්ෂණ වලින් සුවිශේෂී එකතුවක් දෙසැම්බර් කලාපයේ අන්තර්ගත වෙනවා. මේ එකතුව මගින් මුල් කාලයේ සිට වයස 36 දී ඇය මිය යන තෙක් වූ කාල පරාසය තුල වෘත්තීය ජීවිතය පෙන්නුම් කෙරෙනවා.

PLAYBOY සංස්කරණ අධ්‍යක්ෂක ජිමී ජෙලිනෙක් පවසන්නේ මිලියන 10කට වැඩි ජායාරූප අතරින් මේ කලාපයට අවශ්‍ය ඒවා තේරීමට මාස 6ක් ගතවී ඇති බවයි. ‘‘මේ අප සම්පූර්ණ කාල පරිච්ඡේදයේ එකතුවක් දක්වන පලමු අවස්ථාව’’ යයි ද නිරුවත් ඡයාරූප කලාව උසස් කලා මාධ්‍යයක් ලෙස ඔසවා තැබීමට ඇය උදවු වූ බවද ජිමී කියා තිබෙනවා.


ජායාරූප වලට අමතරව රොජර් ඊබර්ට් සහ කිම් මෝර්ගන් ගේ විශේෂාංග ලිපිද PLAYBOY ප‍්‍රකාශක හග් හෙෆ්නර් ගේ පැරණි එකතුවක් ද නව කතාකරු ජෝන් අප්ඩික් ගේ උපුටා ගැනීමකින්ද දෙසැම්බර් කලාපය යුක්ත වෙනවා.

1962 දි ලොස් ඇන්ජලීස් හි සිය නිවසේදී පෙති වර්ගයක් පානය කිරීමෙන් දිවි නසාගත් මොන්රෝ ගේ නග්න සිරුර හමු විය. බේස් බෝල් ක‍්‍රීඩක ජෝ ඩිමැගෝ සහ ලේඛක ආතර් මිලන් සමඟ විවාහ වූ ඇය PEOPLE සඟරාව මගින් ලොව සරාගීම කාන්තාව ලෙස හඳුන්වා ඇත.
 
Related Posts with Thumbnails