දැනට ලදු කැලෑවෙන් වැසී පවතින මේ ස්ථානය බැතිමතුන්ට වැදපුදා ගැනීමට
සුදුසු වන පරිදි ඉතාම ඉක්මණින් සකස් කිරීමට පියවර...
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සමන්ත කූටයට වැඩම කර ශ්‍රී පාද
පද්මය පිහිටුවීමෙන් පසු විවේකී සුවයෙන් වැඩ විසූ දිවාගුහාව හෙවත් භගවාලෙන
නමැති පූජනීය ගල්ලෙන ශ්‍රී පාද පද්මයට අඩි 300 ක් පමණ පහළින් මහගිරිදඹය
නැමති ස්ථානයට ආසන්නයෙන් සොයාගෙන ඇත.
සබරගමුවට අධිපති සුමන සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් ශ්‍රී පාද පද්මය
පිහිටවූ භාග්‍යවතුන් වහන්සේ දිවා විහරණය කළ ස්ථානය දිවා ගුහාව ලෙස
හැදින් වෙනවා .
ලංකාවට තෙවරක් වැඩම කළ බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් අති
පූජනීයත්වයට පත් ස්ථාන 16 ක් ලංකාවේ පිහිටා තිබෙනවා. සොළොස්මස්ථාන ලෙසින්
හැදින්වෙන මේ ස්ථාන 16 න් මේ වන තුරු වැදපුදා ගැනීමට ලැබුණේ ස්ථාන 15 කි.
මෙතෙක් කාලයක් සොයාගැනීමට අපහසුව පැවතුණු දිවාගුහාව පසුගිය වර්ෂයක පමණ
කාලයක සිට සමනළ අඩවියේ කළ පරීක්ෂණ වලදී සොයාගැනීමට ලැබී තිබෙනවා.
ශ්‍රී පාද
පද්මය පිහිටුවීමෙන් පසු විවේකි සුවයෙන් වැඩ සිටීම උදෙසා බුදු රජාණන් වහන්සේ
සැතපුම් ගණනක් දුර ස්ථානයට නොවැඩි බවට ඇති විශ්වාසයත් මෙම ස්ථානයෙන් හමුවූ
භෞතික සාධකත් අනුව මෙය සෑබැ දිවා ගුහාව ලෙස තහවුරු වී තිබෙනවා.
දැනට ලදු කැලෑවෙන් වැසී පවතින මේ ස්ථානය බැතිමතුන්ට වැදපුදා ගැනීමට
සුදුසු වන පරිදි ඉතාම ඉක්මණින් සකස් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති හා
රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක බෙංගමුවේ ධම්මදින්න නා හිමියෝ පවසනවා.
සෑබැ දිවා ගුහාව ශ්‍රී පාදයට නුදුරින්...
2012-11-09T16:19:00+05:30
Hot And Fast News
විශේෂාංග|