අපේ ගෙදර ගාන්න තීන්ත ගේන්න තාත්තයි මමයි ගියා.
අපි ගිය ත්‍රිවිල් එකේ ලොරියක් හැප්පිලා ත්‍රිවිල් එක කුඩු වුණා.
ත්‍රිවිල් එක එළවපු මාමා එළියට පැනලා බේරුණා. මමයි තාත්තයි මැරුණා.
ග්‍රේස්ලින් ජනපදයේ කුඩා දැරියක තමාගේ පෙර ආත්මය සම්බන්ධයෙන් පුනරුත්පත්තිය කීමට පටන් ගෙන තිබෙනවා කෑගල්ල - රඹුක්කන මාර්ගයේ රන්දෙනිය හන්දියෙන් වමට ඇති පාර දිගේ කිලෝමීටරයක් පමණ යන විට ග්‍රේස්ලින් ජනපදය හමුවෙනවා.
එම චමෝදා හපුගොඩ එම දැරියගේ පුනරුප්පත්ති කතාව මෙසේයි.
“මම ඉගෙන ගත්තේ දෙකේ පන්තියේ. ඉස්කෝලේ ඇරිලා එනකොට අම්මයි අක්කලයි ත්‍රීවීල් එකේ ආවා. එයාලා බැහැලා ගියාම තාත්තයි මමයි ගෙදර ගාන්න තීන්ත ගේන්න ටවුමට ගියා.
“මම ඉගෙන ගත්තේ දෙකේ පන්තියේ. ඉස්කෝලේ ඇරිලා එනකොට අම්මයි අක්කලයි ත්‍රීවීල් එකේ ආවා. එයාලා බැහැලා ගියාම තාත්තයි මමයි ගෙදර ගාන්න තීන්ත ගේන්න ටවුමට ගියා.
අපි ගිය ත්‍රිවීල් එක ලොරියක හැප්පුණා. ත්‍රීවිල් එක එලෙව්ව මාමා පැනලා බේරුණා. මමයි තාත්තයි මැරුණා. ත්‍රීවිල් එක කුඩු වුණා. තාත්තයි මමයි වැළලුවේ ගෙදර වත්තේ. තාත්තා අපේ සීයාගේ (අත්තාගේ) සොහොන ළඟ වැළලුවා. මගේ සොහොන තියෙන්නේ නයි බෙනය ළඟ.”
අපේ ගෙදරට රඹුක්කන ගිහිල්ලා තව යන්න ඕනැ. පාරේ බෝක්කුව ළඟ දම්වැලක් දාලා තියෙනවා.
ගෙදර ළඟම ඉස්කෝලේ තිබුණා. මගේ ඇඳුම්
ගොඩාක් ගෙදර තියෙනවා.
ගෙදර ළඟම ඉස්කෝලේ තිබුණා. මගේ ඇඳුම්
ගොඩාක් ගෙදර තියෙනවා.
බිත්තියේ උඩින්ම මගේ පොටෝ එකකුයි තාත්තාගේ පොටෝ එකකුයි එල්ලලා තියෙනවා. අම්මාට ගොඩාක් සල්ලි තියෙනවා. අම්මාට වැඩ පොළෙන් සල්ලි හම්බ වෙනවා. රඹුක්කන පාරේ ඉවුර උඩ අම්මා වැඩ කරන තැන තියෙනවා.
අපේ ඉස්කෝලේ ළමයි ටිකයි ඉන්නේ. මට හිටියේ අක්කලා විතරයි. නංගිලා, මල්ලිලා, අයියලා කවුරුත් හිටියේ නෑ. තාත්තා ඉස්කෝලේ යනකොට විස්කෝතු අරගෙන දෙනවා. බිත්තියේ අපේ පින්තූරවලට යටින් අක්කලාගේ පොටෝ ගහලා තිබුණා. මම පුටුවක් උඩ නැගලා බිත්තියේ ගහලා තියෙන අපේ පොටෝ ගන්නවා.
අම්මා කුකුල් මස් ගෙනැත් දෙන්නේ නෑ. ඌරු මස් ගෙනත් දෙන්නෙත් නෑ. වට්ටක්කයි බෝංචියි ගේනවා. මමයි අක්කලයි බෝංචි කනවා. ඉස්කෝලේ යනකොට අම්මා කාසියක් දෙකක් දෙනවා. ඉස්කෝලේ බිත්තියක් උඩ සල්ලි කැටයක් තිබුණා. ඒකට අපි සල්ලි දානවා. අපේ අක්කලාත් සල්ලි දානවා.
අපේ ගෙදර බල්ලෝ හිටියේ නෑ. පූසෝ දෙන්නෙක් හිටියා. තුන්දෙනෙක් හිටියා. තව හා පැංචොත් හිටියා. පණ තියෙන හාවෝ. අක්කලා එක්ක මම හාවුන්ට උඳුපියලිය කවනවා. අපේ ගෙදර උඳුපියලිය තිබුණා. රෑට අක්කලා ළඟ නිදා ගත්තා. අපි නිදාගත්තේ බිම. අක්කලා දොර වහගෙන නිදා ගන්නවා. ත්‍රීවිල් එක හැප්පුණාම මගේ හම ගැලවුණේ නෑ.
ඉස්පිරිතාලේ ගෙනිහින් තිබ්බොත් කුණුවෙන නිසා තාත්තටයි මටයි මිනී පෙට්ටි දෙකක් ගෙනාවා. වළේ තිබ්බාම කුණු වුණා. මගේ පෙට්ටිය වළට දමන කොට අත ලිස්සලා ගියා. පොල් උළ (මෙම නිවසේ පොල් ලෙලි ඇරීමට භාවිත කරන්නේ යකඩ ඉන්නකි) තියලා පෙට්ටිය ඉස්සුවා.
අම්මයි අක්කලයි වළට පස් දැම්මා. මම උඩ පාවි පාවි ඉඳලා ගොඩාක් කල් මෙහාට ආවා. වළලපු තැන හොයන්න පුළුවන්. එහේ හැම තැනම නයි ඉන්නවා. වළේ දිමියොත් හිටියා. පෙට්ටිය දිමියෝ කෑවා. මගේ කොන්දටත් විද්දා. වළ ළඟදි අක්කලා පොටෝ ගත්තා.
අපේ ගෙදර තට්ටු දෙකට තිබුණා. ගෙදර තීන්ත ගාලා තිබුණේ නැහැ. පන්තියේ උගන්වන්න හිටියේ සර් කෙනෙක් නෙවේ ටීචර් කෙනෙක්. ඉස්සර මගේ නම “සසිකා”. “කළු මාමගේ කළු ගොනා”, “කක්කුට්ටා මගේ යාළුවා” වගේ සිංදු ටීචර් අපිට කියලා දුන්නා.
දැරියගේ මේ ආත්මයේ මව වන එස්. ඒ. මානෙල් කුමාරි මහත්මිය “දුව ඉපදුණේ 2009. 02. 27 කෑගල්ල මහ රෝහලේ දී. මෙයාගේ තාත්තා අපෙන් වෙන් වෙලා ගිහින්.
මම ඉන්නේ මගේ අයියා ළඟ. දුවට අවුරුදු එක හමාරෙදි තමා මුලින්ම මේ ගැන කියන්න පටන්ගත්තේ.
ඒ දවස්වල දුව නෑවුවාම කකුලේ තුවාලයක් තියෙනවා කියලා පුළුන් කෑල්ලක් තියලා ප්ලාස්ටරයක් ගහන්න කියනවා. දැන් වුණත් කකුල් දෙකම විලුඹ ළඟින් කැක්කුමයි කියනවා. මම කෑගල්ලේ දොස්තර මහත්වරුන්ට පෙන්නුවාම ඔවුන් දුවව පරීක්ෂා කරලා ආබාධයක් නැහැ කීවා.
පුංචි කාලේ ඉඳලාම දුව ඕනෑම කෙනෙක් එක්ක කථා කරනවා. ගිය අවුරුද්දේ සිඟිති අවුරුදු කුමාරි තරගෙට ඉදිරිපත් වෙලා පළමු තැන දිනුවා. එයා අහන ප්‍රශ්නවලටත් හොඳට උත්තර දුන්නා.
දැන් මාස දෙකක විතර ඉඳන් එයා එයාගේ පෙර ආත්මය ගැන පැහැදිලිව කියනවා. ඉස්සර අම්මා ළඟ තියලා එන්න ද කියලා මම අහපුවාම එපා කියනවා. හැබැයි අක්කලා බලලා තීන්ත ගාලා එමු කියනවා. කෑගල්ල ටවුමට ගිහින් තීන්ත කඩයක් දැක්ක ගමන් තීන්ත ගන්න යමු කියනවා.
හැබැයි බුදු පිළිමවලට බයයි. පන්සල් යන්න, බෝධිය වටේ යන්න කැමැතියි. බුදුපිළිම පෙන්වන්න බැහැ. පංසිල් හා ගාථා හොඳට කියනවා. රූපවාහිනියේ ළමා වැඩ සටහන්වල යන සිංදු තනියම කියන්න පුළුවන්. දුව ගිය ත්‍රීවිල් එක ලොරියේ හැප්පුණු තැන බුදුමැදුරක් තිබුණු බව වෙලාවකට එයා කියනවා.
රාත්‍රියට හිටිගමන් නින්දෙන් නැගිටලා ඉඳ ගන්නවා. බිම නිදාගන්න තමයි කැමති. දැනුත් බිම රෙද්දක් එලාගෙන ඉන්න ආසයි. ගේ ඉදිරිපස තිබු උඳුපියලිය උදළු ගාන්න හැදුවත් ඊට ඉඩ දුන්නේ නැහැ. දුව මස්, මාළු කන්නේ නැහැ. මුලදී බිත්තරයක්වත් කෑවේ නැහැ. දැන්නම් කනවා. හාල්මැස්සන් අමුවෙන්ම කන්න කැමතියි. මම හාල්මැස්සන් උයන්න සූදානම් කරන්නේ දුවට ගන්න බැරිවෙන්න හොරෙන්.
දුවගේ කකුලේ පොඩිම කාලේ තිත්ත තිබ්බටු කටුවක් ඇනිලා ඔපරේෂන් කළා. ඒත් ඇඬුවේ නැහැ. මෙයා බේත් විදිනවාට බය නැහැ. උණ ගැනිලා ඉස්පිරිතාලෙට ගෙන ගියාම ලේ ගන්න කොට අනිත් ළමයි ඇඬුවත් දුව ඇඬුවේ නැහැ. හිටි ගමන්ම පපුවේ දකුණු පැත්ත පෙන්වලා එතැන රිදෙනවා කියනවා. ඒ රෝදයක් වැදිලා කියලයි එයා කියන්නේ. දුවට ඕනෑම දෙයක් දෙපාරක් කීවාම කට පාඩම් වෙනවා.
දුව පෙර ආත්මය ගැන කියන තොරතුරු පිළිබඳව මම ටිකක් සොයා බැලුවා. ඒත් හොයාගන්න බැරි වුණා. මේ විදියට රිය අනතුරකින් මිය ගිය ‘සසිකා’ කවුද කියලා අපිත් දැනගන්න කැමතියි.” යනුවෙන් කීවාය.