කණ්ඩායම් සංගීතයේ පෙරලිකාර චරිතයක් වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා නව රැල්ලක් හා එක්වී ගිවිසුමක් පසුගියදා සිනමන් ලේක් හෝටලයේ අත්සන් තැබුවා
සුනිල් මෙසේ ගිවිසුම්ගත වූයේ උසස් තත්ත්වයේ ෆයිබර් සිමෙන්ති සෙවිලි තහඩු හා උපාංග නිෂ්පාදනය කිරීමේ සමාගමක් වන ශී‍්‍ර රැම්කෝ ලංකා (පෞද්ගලික) සමාගම සමගය.
ඔහු එහි සන්නාම තානාපති වශයෙන් කටයුතු කිරීමට ගිවිසුම්ගත වුණා. රැම්කෝ ‘ශක්තියේ නව රැල්ල’ ලෙස සිය වෙළෙඳ උධෘතය හා එහි වෙළෙඳ ලාංඡනයද පසුගියදා වෙනස් කරන කරනු ලැබුවා.
එහෙත් ඔහු පසුගියදා සිකුරාදා රසික පිරිසකගෙන් ගුටි නොකා බේරුනේ අනුනමයෙනි. ඒ සිනමන්ඞ් ග‍්‍රෑන්ඞ් හෝටලයේදී
ජනපතිට ගැයූ ගීයට විරුද්ධව පිරිසක් කෝලහාල කිරීම හේතුවෙනි.
එහි සුනිල් පෙරේරා ජනපතිට පක්‍ෂව මෙන් ගැයූ ගීය ජනාධිපතිතුමා අපහාසයට ලක්කරන බවට චෝදනා කළ උත්සවයට පැමිණි ආරාධිතයන් ඊට විරුද්ධවීමත් සමඟ බහින් බස් වීමක්ද ඇතිව තිබෙනවා.
මෙම බහින් බස් වීම දුර දිග යෑම හේතුවෙන් සුනිල් පෙරේරා මහතා අදාල පාර්ශවයෙන් සමාව අයැද තිබෙනවා.
කෙසේ වෙතත් උත්සවය අලූයම පහන්වන තුරු පැවැත්වීමට නිවමිතව තිබුණද එය මැදියම් රැය උදාවෙත්ම අදාල ගැටුම හේතුවෙන් නවතා දැමුණු බව සිනමන්ඞ් ග‍්‍රැන්ඞ් හෝටලයේ ආරංචිමාර්ග සඳහන් කරනවා.
ජනපතිට අපහාස කරන්න ගිහින් ජිප්සීස් සුනිල් ගුටිනොකා බේරෙයි...