අනූව දශකයේදී කාම රැල්ලේ චිත‍්‍රපට හරහා ජනපි‍්‍රයත්වයට පත් සුමනා ගෝමස්ට ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකුවන සුනිල් ටී. ප‍්‍රනාන්දු මහතා විසින් පසුගිය සිකුරාදා සාදයක් පවත්වා ඇතැයි අප වෙත වාර්තා වෙනවා .
මේ සාදයට සුමනාගේ මිතුරු මිතුරියන්ට මෙන්ම ජනපි‍්‍රය යොවුන් නළු නිළියන්ට ද ආරාධනා ලැබී තිබූ බව පැවසේ. සුනිල්, සුමනාට සාදයක් පැවැත්වීමට හේතුවී ඇත්තේ සුනිල් විසින් නිෂ්පාදනය කළ චිත‍්‍රපට රාශියකම සුමනා රගපා තිබීම නිසාය.
සුනිල් මේ වන විට සිංහල චිත‍්‍රපට 55ක් සදහා නිෂ්පාදනයෙන් දායකවී ඇති අතර ඔහු විසින් චිත‍්‍රපට 04ක් අධ්‍යක්ෂණයද කර තිබෙනවා. සුමනා ලංකාවට පැමිණ ඇත්තේ වසර 11කට පමණ පසුවය.
ඇය චෙරියෝ සාජන්ට් නාට්‍ය පෙන්වීමට ඇමරිකාවට යාමෙන් පසුව එහි නතර විය. පසුව ඇය සාත්තුසේවිකාවක් ලෙස එහි සේවය කළ බවද පැවසේ. මේවන විට ඇය ඉතාලි ජාතිකයකු වන ග්‍රෙගරි ට්‍රොලන් ටොලියෝ සමග විවාහ වී සිටී.
ඇය ඔහු හා විවාහ වූයේ මේ වසරේ ජනවාරි 31 වැනිදාය. සුමනාගේ සැමියා ස්ටැටන් අයිලන්ඩි හි බෙලිසිමන් රෝහලේ ප‍්‍රධාන සූපවේදියා බව පැවසේ.
කෙසේ වුවද සුමනා ඇමරිකාවේ සිටින සමයේදී වෙළෙඳ දැන්වීම් දෙකක් සඳහා පෙනී සිට ඇත.