එහිදී ඒ.බී.සී මාධ්‍යය ජාලයට අයත් සන් එෆ්. එම් ගුවන් විදුලි සේවයේ සේවකයෙකු වන රම්සි ජෙයහුර් විසින් උමාරියා භාතියගේ මෝටර් රථයට ගොඩ වීමට උත්සාහ කල අවස්ථාවේ කරදර කොට තිබෙනවා.
අප වෙත වාර්තා වන අන්දමට තවමත් වයස 21 වන උමාරියා හට මෙම අතවරය සිදුකොට ඇත්තේ උමාරියාගේ කලින් පෙම්වතෙකු වූ රමසි ජෙයහුර් විසිනුයි. මෙසේ ඇයට කරදර කොට ඇති අතර භාතියගේ මෝටර් රථයට ගොඩවීමට උත්සාහ කල අවස්ථාවේ නැවතත් අතින් ඇද කරදර කොට තිබෙනවා.
පසුව මේ පිළිබඳව කරන ලද පැමිණිල්ලකට අනුව රම්සි ජෙයහුර් හට ලබන 14 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් අද දින නොතීසියක් නිකුත් කර තිබෙනවා. එම සිද්ධිය දුටු අයගේ ප්‍රකාශද මේ වනවිට ලබාගනිමින් පවතිනවා.
උමාරියාගේ සොහොයුරිය වන උමාරා සින්හවංශ 2010 වසරේ යුග දිවියට එළඹුණේ ස්වණාභරණ හා මැණික් ව්‍යාපාරිකයෙකු වන රිෆ්කි ෆහ්මි සමග යි.