විනෝද වෙන්න හෝටලයකට යමුයි කිව්වා...
දෙදෙනාම හෝටල් කාමරයකට ගිහින් ලිංගිකව එකතු වුණා...
පස්සේ එයා පැනලා ගිහින්...
- සිත් තැවුලට පෙට්රල් බෝතල් දෙකක් බිවූ පෙම්වතිය කියයි...
විවාහ කරගන්නා බවට පොරොන්දු වී සිය පෙම්වතියව ලිංගික අතවරයට පත්කළ පෙම්වතා එම සිද්ධියෙන් පසු ප්‍රදේශයෙන් පලායෑම ගැන සිත් තැවුලට පත් අම්බලන්ගොඩ ප්‍රදේශයේ පෙම්වතිය පෙට්රල් බෝතල් දෙකක් පානයකොට කරාපිටිය රෝහලට ඇතුළත්කර සිටිනවා.
රෝහල් ගතකොට සිටින ඇය පොලිසියට පවසා ඇති පරිදි පෙම්වතා රත්ගම මාවඩවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෙම්වතිය අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. දුරකතන ඇමතුම් මගින් දෙදෙනා අතර පෙම් සබඳතාව ගොඩනැගී තිබෙනවා.
දිනක් තමා හමුවන ලෙස පෙම්වතියට පෙම්වතා පවසා ඇති අතර ඔවුන් හමුවී තිබෙනවා. තමාව විවාහ කරගන්නා බවට පවසා විනෝද වීම සඳහා හෝටලයකට
යමුයි පවසා දෙදෙනාම හෝටල් කාමරයකට ගොස් තිබෙනවා. එහිදි ඔවුනොවුන් ලිංගිකව එක්වී තිබෙනවා.
ඉන්පසු ඔහු ඇයව මඟහැර ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා. ඒ ගැන බලවත් සේ කනස්සල්ලට පත්ව සිටි පෙම්වතිය සියදිවි නසාගැනීමේ අරමුණෙන් පෙට්රල් බෝතල් දෙකක් පානය කර තිබෙනවා.
ඇය මේ වනවිට කරාපිටිය රෝහලේ ලෙඩ ඇඳක් මත වැතිරී ජීවිතයත් මරණයත් අතර සටනකට මැදිවී සිටින්ණීය.
කසාද බඳිනවා කියලා පොරොන්දු වුන හින්දයි ලිංගිකව එකතු වෙන්න කැමති වුනේ...
2013-01-22T14:57:00+05:30
Hot And Fast News
පුවත්|