ලේ ගලනවා දැක්කම ප්‍රතිභාට තරු පෙනිලා...
ප්‍රතිභා අදටත් ඒ සිද්ධිය මතක් කරන්න බයයිලු...
ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතාගේ දියණිය වුණු ප්‍රතිභා හෙට්ටිආරච්චි ගැන වතගොත හොයලා බලද්දි අපිට ආරංචි වුණා ප්‍රතිභා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගේ ඇඟිල්ලක් කඩන්න ගිහින් කියලා. ඉතින් අපි හිතුවා ඒ ගැන ඔයාලට කියන්න.
ආරංචි වුණ විදිහටනම් ප්‍රතිභා මේ විදිහට ඇඟිල්ල කඩන්න හදලා තියෙන්නේ චාන්දනී සෙනෙවිරත්න කියන ප්‍රවීණ රංගන ශිල්පිණියගෙයි.
2012 රයිගම් සම්මාන උළෙලේ දක්ෂතම සහය නිළිය සම්මානය ප්‍රතිභාට හම්බවුණේ “සැණකෙළියයි මායා” ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන්නේ. ඒකේ රූගත කිරීම්වල දීම තමයි ප්‍රතිභා මේ විදිහට චාන්දනී මහත්මියගේ ඇඟිල්ලක් කඩන්න හදලා තියෙන්නේ.
පබෝධා සංදීපනී, පාලිත සිල්වා, චාන්දනී සෙනෙවිරත්න එක්ක ප්‍රතිභා තමයි ඒ රූගත කිරීමට ඉඳලා තියෙන්නේ. එතනදී කට්ටියම
කාර් එක ඇතුළේ ඉඳලා තියෙනවා. කොහොම හරි ප්‍රතිභා වාහනේ දොර වහද්දී චාන්දනී සෙනෙවිරත්න මහත්මියගේ ඇඟිල්ල දොරට අහුවෙලා.
ඇඟිල්ලෙන් ලේ ගලනවා දැක්කම තමයි ප්‍රතිභාට තරු පෙනිලා තියෙන්නේ. චාන්දනී මහත්මියව එවෙලෙම රෝහලට අරගෙන ගියත් ප්‍රතිභා පණ බයේ ඉඳලා තියෙන්නේ. ප්‍රවීණ රංගන ශිල්පිණියකගේ ඇඟිල්ල කැඩුවා කියලා චෝදනාවක් අවොත් එහෙම ඉතින් ඉවරයිනේ….
කොහොම වුණත් ඇඟිල්ලේ තුවාලයනම් හිතුව තරම් දරුණු වෙලා නෑ. ඒත් ප්‍රතිභා අදටත් ඒ සිද්ධිය මතක් කරන්න බයයි.
ප්‍රතිභා චාන්දනීගේ ඇඟිල්ලක් කඩලා කියන්නේ ඇත්තද...
2013-01-16T18:12:00+05:30
Hot And Fast News
කලා|