ලෝචනාගේ උදව්වට ආව අයට වඩා හිනාවුණු අය වැඩියිලු...
ලෝචනා ඉමාෂි කියන්නේ මේ දවස්වල ටෙලි නාට්‍යයවල එහෙම හැම තිස්සෙම වගේ දකින කෙනෙක්නේ. කොහොමහරි ඔය අතරේ ලෝචනා ඇදන් වැටුණු කතාවක් අපිට දැනගන්න ලැබුණා. විස්තරේ මෙහෙමයි.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ “තූර්යා” රූගත කිරීම් කරන අතරතුරේදීයි. ඒකෙදි පුංචි සීන් එකක් තිබිලා තියෙනවා ලෝචනා අපොන්සු මහත් මයත් එක්ක බඩු වගයක් අරගෙන යද්දි ඇදගෙන වැටෙන. කොහොම හරි ඉතින් ලෝචනා
බඩු ටික උස්සගෙන යද්දි ඇත්තටම ඇදගෙන වැටිලා.
සීන් එකේ තියෙන නිසා ෂුට් එකේ කට්ටිය හිතලා තියෙන්නේ ලෝචනා රඟපානවා කියලයි. ලෝචනාගේ කකුලුත් තුවලා වෙලා හොඳ ගණන්ලු. ඒ මදිවට තාම ෂූට් කරනවා. “කට්” කියන වචනේ ඇහනකන් බලාගෙන හිටපු ලෝචනා බැරිම තැන “මාව වැටුණේ ඇත්තටමයි අනේ” ගාගෙන අඬාගෙන ගියා කියලයි අපිට ආරංචි වුණේ.
සෙට් එකේ අය එතකොට තමයි දැනගෙන තියෙන්නේ මේක සීන් එකේ කෑල්ලක් නෙමෙයි. ඇත්තටම වුණ දෙයක් කියලා. හැබැයි ඉතින් ඒ වෙලාවේ ලෝචනාගේ උදව්වට ආව අයට වඩා හිනාවුණු අය වැඩියිලු. ඒ මදිවට මාධව (ලල් එක) මේ සීන් එක වීඩියෝ කරලා තාම ලෝචනාව බයිට් කරනවා කියලයි අපිට නම් ආරංචි වුණේ.
ලෝචනාගේ කකුල තුවාල වෙන්න හේතුව...
2013-03-05T16:00:00+05:30
Hot And Fast News
කලා|