චන්ද්‍රිකා මගේ පුතාට ගොන් පුතා කියලා කියනවා...
මගේ පුතා ගොනෙක් නම් මම හොඳ කේප්පයෙක්...
චන්ද්‍රිකාට කිවයුතු බොහෝ දේ තිබෙනවා...
මගේ කට අවුස්සා ගත්තොත් ඒවාත් කියලා දානවා...
විජය කුමාරතුංග ගුණානුස්මරණය නිමිත්තෙන් මහනුවර දී ඊයේ (28)
පැවැති උත්සවයකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
මහත්මිය විසින් කළ කතාවකට පිළිතුරු දීම සඳහා පුවත්පත් සාකච්ජාවක් මර්වින්
සිල්වා විසින් කැඳවා තිබුනා.
එහිදී අදහස් දැක්වූ මර්වින් සිල්වා
මර්වින් සිල්වා මිනිස්සු ගස් බඳින මිනිහෙක් විත්තිය දැන් කියන චන්ද්‍රිකාගේ බණ්ඩාරනායක පවුලෙන් කසාදයක් වුණත් එදා බැඳ ගන්න තිබුණා. මොකද මට උදේ, දවල්, රෑ වුණේ චන්ද්‍රිකාගේ ගෙදර දී. චන්ද්‍රිකා මගේ පුතාට ගොන් පුතා කියලා කියනවා.
මම හැදුවේ ගොනෙක් නම්, චන්ද්‍රිකා මැතිණියට මම කියනවා මම හොඳ කේප්පයෙක් කියලා” යයි මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමැති ආචාර්‍ය මර්වින් සිල්වා මහතා පැවසුවා.
අනවශ්‍ය දේවල් කතා කොට “මගේ කට අවුස්සා ගන්න එපා” යැයි චන්ද්‍රිකා මහත්මියට පිළිතුරු වශයෙන් ඇමතිවරයා කීවා.“මගේ කට හොඳ නැහැ. හැබැයි මම පාවා දෙන්නේ නැහැ. චන්ද්‍රිකා මැතිණියට මම කියනවා කිවයුතු බොහෝ දේ තිබෙනවා. මගේ කට අවුස්සා ගත්තොත් ඒවාත් කියලා දමනවා.” ඇමැතිවරයා පැවසුවා.
පාර්ලිමේන්තුවේ ඉන්නේ සොරුන්, මෝඩයින් යැයි චන්ද්‍රිකා මහත්මිය කියනවා නම් ඔවුන්ට නාම යෝජනා ලබා දුන්නෙත් චන්ද්‍රිකාම නේදැයි මර්වින් සිල්වා ප්‍රශ්ණ කළා.
ඒ කාලේ ඒ මිනිස්සුන්ගේ ගෙවල්වලට ගිහිල්ලා කාලා, බීලා අද ඔවුන් මෝඩයින්, සොරුන් හැටියට නන් දෙඩවීමෙන් පෙනෙන්නේ ටවුන්හෝල් එකේ කොටි බොම්බ ප්‍රහාරයෙන් චන්ද්‍රිකා මැතිණියගේ ඔලුව නරක් වී තිබීම යැයි ඇමැතිවරයා පැවසුවා.
ඕන් නැති දේවල් කතා කරලා මගේ කට අවුස්සා ගන්න එපා - මර්වින් චන්ද්‍රිකාට උත්තර දෙයි.
2013-03-01T18:15:00+05:30
Hot And Fast News
පුවත්|