කොහිලවත්ත ගලංගාතිලක ප‍්‍රදේශයේදී කැළණි ගග ආසන්නයේ සුඛෝපබෝගී මෝටර් රථයක් නවතා තබා ඇති අතර එහි සිටි පුද්ගලයා අතුරුදහන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙසේ අතුරුදහන්වී ඇත්තේ ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරික ආයතනයක් වන සොෆ්ට්ලොජික් ආයතනයේ කළමණාකරුවෙකු වන ශෙහාන් නානායක්කාර නැමැති 40 හැවිරිදි අයෙකි. මොහු කැළණි ගගට පැන්නේද එසේත් නැත්නම් කැළණි ගගට වැටුණේද යන්න පිළිබදව සැකයක් පවතින බවත් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතින බවත් පොලීසිය පවසයි.
කැලණි ගඟට පැන්න මෙහෙයුම් කළමනාකරුගේ සිරුර සොයා නාවික හමුදා කිමිඳුම්කරුවන් මෙහෙයුමක්‌ද ක්‍රියාත්මක කර තිබිණි. මියගිය ප්‍රධාන මෙහෙයුම් කළමනාකරු සිය ජීප් රියෙන් බැස කැලණි ගඟ ආසන්නයට ගොස් මද වේලාවක් බලා සිටින අයුරුද කීප දෙනකු දැක ඇතැයිද වාර්තාවේ.
මොහු මෙලෙස දිවි නසා ගැනීමට හේතුව ඊයේ සවස් වන තුරුත් හෙළිවී නොතිබිණි.
සොෆ්ට්ලොජික් කළමණාකරු කැළණි ගගට පැන්නාද ?
2013-05-16T14:11:00+05:30
Hot And Fast News
පුවත්|