රටේ වැඩිපුර බිහිවන්නේ හර සුන් නිර්මාණ යැයි රංගන ශිල්පිනී ශලනී තාරකා සති අන්ත පුවත් පතක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.
ජනප්‍රිය රියලටි වැඩසටහනක් ඔස්සේ ජනප්‍රියවී කළා ක්ෂේත්‍රයට පිවිසි ඇය හරසුන් නිර්මාන සම්බන්ධයෙන් දක්වන අදහස් පහත පළවෙනවා.
වර්තමාන ටෙලි නාට්‍ය ගැන තරුණ රංගන ශිල්පිනියක් විදිහට ඔබ මොකද හිතන්නෙ?
වර්තමානයේ බිහිවන සමහර ටෙලි නාට්‍ය කරන්නන් වාලේ කරන ටෙලි නාට්‍ය· සමහර ටෙලි නාට්‍ය මුදල් ඉපයීම මත පමණක් ම කරන ටෙලි නාට්‍ය...... ඒ අතර පදනමක් ප්‍රමිතියක් ඇතුව කරන හොඳ ටෙලි නාට්‍ය තියෙනවා.
ඔබ පවසන විදිහට මොන වගේ වෙනසක් ද ක්‍ෂේත්‍රයේ ඇතිවිය යුත්තේ?
මුලින්ම ඕනෑම නිර්මාණයකට ස්‌ථිර පිටපතක්, කතාවක් අවශ්‍යයි. මම පසුගිය කාලෙ දීර්ඝ ටෙලි නාට්‍ය තුනක රඟපෑවා. ඒවාට කතා කරන කොට තිබුණු තත්ත්වය නෙමෙයි මඟදි· මුලදි කිව්ව කිසිම දෙයක් ඉදිරියට යද්දී ඒවායේ තිබුණෙ නෑ.
ඒ නිසා එහෙම හරයක් නැති දේවල් මේ ක්‍ෂේත්‍රයේ සිදුවෙනවා. එවැනි දේවලින් මිදිලා, දර්ශන තලයේ ලියන පිටපත් වලින් මිඳුන ක්‍ෂේත්‍රයක් තුළ අපට සැබෑ වෙනසක් දකින්න පුළුවන් වේවි·
ඔබ කියන්නෙ රංගන ශිල්පීන්ට සිදුවෙලා තියෙන්නෙ නිෂ්පාදන කණ්‌ඩායම කියන ඕනම දෙයක් කරලා එන්නද?
අනිවාර්යයෙන්ම හැම දේම සිද්ධ වෙන්නෙ මුදල් මත. පිටපත ලියවෙන්නෙත් එහෙමයි. ඒකෙන් ගලවගන්න කීපදෙනකුට අමාරුයි. උත්සාහ කළත් ඒ දේවල් සිද්ධ වෙන්නෙ නෑ.
වර්තමාන රංගන ශිල්පීන්ට විවිධ විනය විරෝධී චෝදනා එල්ල වෙනවා නේද?
මට ඔබ ඔය කියන විනය මොකක්‌ද කියලා තේරෙන්නෙ නෑ· නමුත් තමන් දැනගන්න ඕන කොහෙ ගියත් තමන්ගෙ සීමාව දැනගෙන තමන්ගෙ වැඩේ කරලා එන්න.· මේ ක්‍ෂේත්‍රයේ පමණක් නෙමෙයි කොයි ක්‍ෂේත්‍රයටත් විනය තිබිය යුතුයි. තමන්ගෙ වැඩේට වඩා වැඩි දේවල් කරන්න ගියොත් ප්‍රශ්න ඇති වෙනවා.
තමන්ගෙ වැඩේට වඩා වැඩි දේවල් කරන්න ගියොත් ප්‍රශ්න - ශලනි තාරකා
2013-06-03T13:19:00+05:30
Hot And Fast News
කලා|