Ads 468x60px

.

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමිවීමට නියමිත විලියම්ගේ හා කේට්ගේ බබා මෙන්න (පින්තුර සහ වීඩියෝ)

ඊයේ (23) ලංඩන් වේලාවෙන්  4.24 ට බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයාට සහ කේට් කුමරියට දාව සඳුදා සවස් යාමයේ කුමාරයෙකු උපත ලැබීම පිලිබඳ පුවතක් අප ඔබ වෙත ගෙන ආවා.

එම පුවත මෙතනින්

ඉන් අනතුරුව කේම්බ්‍රිජ් ආදිපාද යුවළ වන විලියම් හා කේට් සිය කුළුඳුල් දරුවා සමග පළමු වරට මහජනයා හමුවට පැමිණ තිබෙනවා.

ඊයේ (23) බ්‍රිතාන්‍ය වේලාවෙන් ප.ව. 7.15ට පමණ බටහිර ලන්ඩනයේ සාන්ත මේරි රෝහලෙන්  පිටතට ආ ඔවුන්, රාජකීය පවුලේ අළුත්ම සාමාජිකයා දැකබලා ගැනීමට රොක් වූ මහජනයා හා මාධ්‍යෙව්දීන් සමග කතාබස් කර තිබෙනවා.

තවමත් සිය බිළිඳාට නමක් යොදා නැති බවත්, මෙය මුළු පවුලටම සුවිශේෂී හා සංවේදී අවස්ථාවක් බවත් ඔවුන් මෙහිදී පවසා තිබෙනවා. පසුව ඔවුන් කෙන්සින්ටන් මාළිගය වෙත ගොස් ඇති අතර, එය අවටද ජනකායක් රොක් ව සිටි බව විදෙස් වාර්තා වල දැක්වේ.

කේම්බ්‍රිජ් හි කුමාරයා ලෙසින් හැඳින්වෙන ඊයේ උපත ලැබූ බ්‍රිතාන්‍ය රාජකීය බිලිඳා ගේ උපත සැමරීමට බ්‍රිතාන්‍ය හමුදාව ලන්ඩන් නුවර ආචාර වෙඩි මුර පැවැත්වුන අතර වෙස්ට්මින්ස්ටර් දේවස්ථානයේ සිනු නාද කෙරිණ.

බ්‍රිතාන්‍යයේ විලියම් කුමාරයාට සහ කේට් කුමරියට දාව සඳුදා සවස් යාමයේ කුමාරයෙකු උපත ලැබීම සැමරීම පිණිස බ්‍රිතාන්‍යය පුරා මෙන්ම ලොව නොයෙකුත් ප්‍රදේශ වලද උත්සව සංවිධානය කොට තිබුණි. චාර්ල්ස් කුමාරයා සහ විලියම් කුමාරයා ගෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි වීමට නියමිතව සිටින්නේ අලුත උපන් බිළිඳායි.

එහි තවත් විස්තර පහතින්

බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් ආදිපාදවරිය හෙවත් කේට් මිඞ්ල්ටන් කුමරිය බි‍්‍රතාන්‍ය වේලාවෙන් පෙරේදා (22) සවස 4.24 ට සිඟිති පුතකු මෙලොවට බිහි කළාය. එය කවුරුත් පුලපුලා බලා සිටි මොහොතක් විය. 

බි‍්‍රතාන්‍ය වැසියන්ට, විශේෂයෙන් බි‍්‍රතාන්‍ය යෞවන යෞවනියන්ට එය එක්තරා ආකාරයක උම්මාදයක් විය. බි‍්‍රතාන්‍ය වැසියන් පමණක් නොව, මුළු ලොවම ඒ ගැන උනන්දුවක් දැක්වීය. 

විලියම් කුමරු සහ කේට් කුමරිය

කේට් කුමරියගේ දරු ප‍්‍රසූතිය ගැන පුවත් රැගෙන ඒමට මාධ්‍ය අතරේ ද විශාල තරගයක් පැවැතිණි. අවසානයේදී බකිංහැම් මාලිගය දරු උපත නිල වශයෙන් ප‍්‍රසිද්ධ කළ අවස්ථාවේ මාලිගය ඉදිරිපිට රැස්ව සිටි දහස් ගණනක් බි‍්‍රතාන්‍ය වැසියෝ පී‍්‍රතිඝෝෂා පවත්වන්නට වූහ.  

විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ ප‍්‍රථම දරුවාගේ උපත, සඳහා කේට් මිඞ්ල්ටන් කුමරිය, ඇතුළත් කෙරුණේ බටහිර ලන්ඩනයේ පෙඩින්ටන්හි ශාන්ත මේරී රෝහලටය. ඒ පෙරේදා (22) බි‍්‍රතාන්‍ය වේලාවෙන් අලූයම 5.40 ට පමණය. 

කුමරිය, රෝහලට රැගෙන ආවේත්, දරු ප‍්‍රසූතිය සිදුවන අවස්ථාවේදී ඇය අසල සිටියේත් විලියම් කුමරුය. 1982 වසරේ දී විලියම් කුමරු උපත ලැබුවේ ද මෙම ශාන්ත මේරී රෝහලේදීය. කුමරිය රෝහල් ගත කළ බව සැලවූ සැණින් දෙස් විදෙස් මාධ්‍යවේදීහු පැමිණ රෝහල ඉදිරිපිට කඳවුරු බැඳගෙන සිටියහ. 

කුමරිය රෝහල් ගත කළ අවස්ථාවේ සිට, ඇයට සහ අලූත උපදින කුමරාට හෝ කුමරියට සුබ පතන්නට බි‍්‍රතාන්‍ය වැසියෝ දහස් ගණනින් බකිංහැම් මාලිගය ඉදිරිපිටට ද රැස්ව සිටියහ. ලන්ඩන් බලධාරීන් පැවැසුවේ බකිංහැම් මාලිගාවේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ පොලිස් බළඇණියක් යොදවා තිබුණු බවය.

කේට් කුමරිය පුතකු බිහි කළ බව දැක්වෙන විශේෂ පණිවුඩය පඩින්ටන්හි ශාන්ත මේරී රෝහලේ සිට බකිංහැම් රජ මාලිගාවට ගෙන යනු ලැබුවේ ද සාම්ප‍්‍රදායික ක‍්‍රමයටය. එය ඓතිහාසික මොහොතක් ලෙස එම දසුන් සජීවී ලෙස වාර්තා කළ ප‍්‍රවෘත්ති නාළිකා කියා සිටියේය. අතීතයේ දී සාම්ප‍්‍රදායිකව මෙවැනි කටයුතු සිදු කෙරුණේ අසරුවන් යොදා ගනිමිනි.

රාජකීය නියෝජිතයෙක් කේට් කුමරියගේ දරු ප‍්‍රසූතිය පිළිබඳ පණිවුඩය රෝහල ඉදිරිපිට නවතා තිබූ මෝටර් රියේ සිටි බකිංහැම් මාලිගයේ රාජකීය නියෝජිතයාට එම පණිවුඩය බාර දුන්නේය.

එම නියෝජියා සිටි මෝටර් රථය පොලිස් නිලධාරීන්ගේ ද විශේෂ ආරක්ෂාව මැද තවත් රථ පෙළක් ද පිරිවරාගෙන බකිංහැම් මාලිගයට ගොස් පණිවුඩය බාර දුන්නේය.  


ඉන්පසු බකිංහැම් මාලිගයේ රාජකීය නියෝජිත යුවළක් එම පණිවුඩය ඇතුළත් රාජකීය ලියවිල්ල දැන්වීම් පුවරුවක සවිකර එය බකිංහැම් මාලිගය ඉදිරිපිට ගේට්ටුව අසලට රැගෙන විත් එය රැස්ව සිටි ජනතාවට පෙනෙන සේ ප‍්‍රදර්ශනයට තැබුහ. එම පණිවුඩයේ ලියා තිබෙන්නේ රජ කිරුළට උරුමකම් කියන නව සාමාජිකයකු උපත ලැබූ බවය. ඒ රාතී‍්‍ර 8.30 ටය. 
විලියම් කුමරු උපන් අවස්ථාව 

අතීතයේ ‘හිරු නොබසින රාජ්‍යය’ ලෙස යටත් විජිත ගණනාවක් පවත්වාගෙන ගියත්, බි‍්‍රතාන්‍ය රජ පවුලට අද දේශපාලනික ශක්තියක් හෝ රාජ්‍ය පාලන බලතල හෝ කිසිවක් නැත. එසේ වුවත් සෙසු රටවල රජ පවුල්වලට වඩා බි‍්‍රතාන්‍ය රජ පවුලේ විශේෂයක් ඇත. 

ඒ ජනතාව ඔවුන්ට පුදුමාකාරයෙන් ආදරය දැක්වීමය. ඊට ප‍්‍රධානතම හේතුව වී ඇත්තේ මාධ්‍ය විසින් රජ පවුලට සෑම ආකාරයකට ප‍්‍රසිද්ධියක් ලබා දීමය. රජ පවුල බි‍්‍රතාන්‍ය වැසියන්ට අභිමානයක් ද වෙයි. 

බි‍්‍රතාන්‍ය සම්ප‍්‍රදාය ආරක්ෂා කර ගැනීමටත් බි‍්‍රතාන්‍ය මුහුණුවර දිගටම පවත්වාගෙන යෑමටත් රජ පවුල බි‍්‍රතාන්‍යයට අවශ්‍ය වේ. බි‍්‍රතාන්‍ය රජ පවුල නාමික සහ සංකේතයකි. එය එරට අනන්‍යතාව සුරැුකීමට ද ඉවහල් වෙයි.
බකින්හෑම් මාලිගාවේ ඉදිරිපිටට රැස්වූ පිරිස 

කේට් කුමරියගේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළේ ප‍්‍රසව හා නාරීවේද විශේෂඥ වෛද්‍ය මාකස් සෙට්චෙල්ය. 31 හැවිරිදි කේට් කුමරිය පැය 11 ක පමණ ප‍්‍රසව වේදනා විඳ බිළිඳා ප‍්‍රසූත කළ බවත් මවත් බිළිඳාත් යහතින් පසුවන බවත් පසුව වාර්තා විය. අලූත උපන් බිළිඳාගේ බර රාත්තල් 8 ක් බව ද පැවැසිණි.

රජ පවුලට අලූත් සාමාජිකයකු එක් වීම, වාණිජකරණයට ද ලක් විය. එය වෙළෙඳ වටිනාකමක් ගෙන ඒමට ද සමත් වූ බව බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් පුවත් සේවය වාර්තා කරයි. වෙළෙඳ ප‍්‍රචාරණ කටයුතු, සමරු තිළිණ ආදිය දරු ප‍්‍රසූතියට සමගාමීව එළි දක්වා තිබුණි. 


විවිධ හේතූන් සහ සිදු වීම් මුල් කොට ගනිමින්, කුමරියගේ දරුවා දුවක වේ යැයි බොහෝ දෙනා විශ්වාස කළහ. ලන්ඩන් බුකිකරුවන් ඉතා ඉහළ ලංසු තබමින් ඔට්ටු ඇල්ලූවේ ද ඒ අනුවය. එහෙයින් එම ඔට්ටුවලින් පරාජය වූ පිරිසට ඊයේ දිනය එතරම් සුබ නොවුණු බව ද බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළේය. 

කේට් කුමරියගේ දරුවාට තබන නම සම්බන්ධයෙන් පවා බුකීකරුවන් ඔට්ටු අල්ලා තිබුණි. ඔට්ටු ඇල්ලීම සඳහා නම් ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබුණි. බුකීකරුවන් ඔට්ටු අල්ලා තිබුණේ කේට් කුමරියට පුතකු උපන්නොත් ඔහු ජෝර්ජ් යන නමින් ද දුවක උපන්නොත් ඇය ඇලෙක්සැන්ඩ‍්‍රා යන නමින් ද හැඳින්වෙනු ඇති බවය. 

 පස්වන ජෝර්ජ් රජුගේ සහ බිසවගේ දුවණිය වන දෙවැනි එලිසබත් මහ රැජින, කිරුළ දරා සිටින්නේ 50 දශකයේ සිටය. මහ රැුජින හැරුණු කොට අලූතින් බකිංහැම් මාලිගයේ නිලධාරියෙක් රැස්ව සිටි ජනතාවට අලූත් කුමරුගේ උපත නිවේදනය කරමින්

උපත ලැබූ පුත් කුමරා එසේත් නැතිනම් කේම්බි‍්‍රජ් කුමරු ද ඇතුළුව බි‍්‍රතාන්‍ය කිරුළ දැරීමට පෝලිමේ තව දෙදෙනෙක් සිටිති. ඒ අලූත් කුමරුගේ පියා විලියම් කුමරු සහ සීයා චාල්ස් කුමරුය. 


බෙල්ජියමේ දෙවැනි ඇල්බට් රජු ඉකුත් 21 වැනිදා සිය කිරුළ පුතු පිලීප් කුමරුට බාර දුන්නේය. ඊට අමතරව මීට මාස කිහිපයකට පෙර, නෙදර්ලන්තයේ බියෙටි‍්‍රක්ස් රැජින ද සිය කිරුළ පුතුට බාර දීමට කටයුතු කළාය. 

87 හැවිරිදි වියෙහි පසුවුවත්, අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පෙළුණත් තම කිරුළ, පුතු චාල්ස් කුමරුට පැවැරීමට දෙවැනි එලිසබත් මහ රැජින සූදානම් නොවේ. කෙසේ නමුත් ඇය ඇගේ රාජකාරී බොහොමයක් නිල වශයෙන් චාල්ස් කුමරුන්ට පවරා ඇත.


බකිංහැම් මාලිගයේ නිලධාරියෙක් රැස්ව සිටි ජනතාවට අලූත් කුමරුගේ උපත නිවේදනය කරමින්

ඒ අනුව, ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට, බි‍්‍රතාන්‍ය මහ රැජින සහභාගී නොවනු ඇති අතර ඇය වෙනුවට චාල්ස් කුමරු සහභාගී වීමට නියමිතය. මෙරට පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේදීම, එලිසබත් මහ රැජින ඇගේ පුතුට ඇගේ රාජකාරි පැවැරීම ද ඓතිහාසික සිද්ධියක් විය.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ එලිසබත් මහ රැජිනය. 1971 වසරෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට රැජින සහභාගී නො වන පළමු අවස්ථාව ද මෙය වෙයි. 

එලිසබත් මහ රැජින සිය කිරුළ චාල්ස් කුමරුට ලබා දුන්නොත් හෝ ඇගේ අභාවයෙන් පසු චාල්ස් කුමරුට කිරුළ හිමි වුවහොත් හෝ චාල්ස් කුමරු එය විලියම් කුමරුට පවරා දිය යුතු යැයි යන්න බි‍්‍රතාන්‍ය ජනතාවගේ අදහස වී ඇත.




 
Related Posts with Thumbnails