කැනඩාවේ ටොරන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලයේ නිලධාරියෙකු ටොරන්ටෝවේ කුප්‍රකට දේපළ වෙලදාම් ඒජන්තවරයෙකු සමග එක්වී ශ්‍රී ලාංකික සංක්‍රමනික යන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට පොරොන්දු වී මුදල් වංචාවක නිරතවී ඇති බවට වාර්තා වේ.
කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන වසන්ත අබේසිරි නැමැති දේපළ වෙලදාම් ඒජන්තවරයා විසින් ටොරන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලයේ නිලධාරියෙකු සමග එක් වී ද්විත්වපුරවැසි භාවය ලබා දීමට පොරොන්දුවී විශාල මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලාංකික සංක්‍රමනිකයන්ගෙන් ලබාගෙන තිබේ.
මොවුන්ගේ වංචාවට වැඩිපුරම ලක් වී තිබෙන්නේ ලංකාවේ දේපොල හිමි කැනඩාවේ සරණාගත භාවය ලැබූ ද්‍රවිඩ ජාතිකයන්ය.
මෙම වංචාවේ මහ මොළකරු වන වසන්ත අබේසිරි නැමැත්තා මීට පෙර චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් ඔහු මීට පෙර සේවය කල කැනඩාවේ ප්‍රකට බැංකුවක් වන බෑංක් ඔෆ් මොන්ටි‍්‍රයල් (BMO) මගින් සේවයන් පහ කල පුද්ගලයෙකු බවටද වාර්තාවේ.
මෙම මුදල් වංචාවට හසුවී සිටින ද්‍රවිඩ සරණාගතයන් ගෙන් බෝහෝ දෙනෙකු ආගමනික විගමන ගැටලු සහ ලංකාවේ තිබෙන දේපළ වල නිරවුල් භාවය පිලිබඳව තිබෙන ගැටලු නිසා කැනඩාවේ හෝ ලංකාවේ නීති බලධාරින්ට පැමිණිලි කිරීමට බියෙන් සිටිති.
(ඡායාරූපය - වංචාවේ මහ මොළකරු වන වසන්ත අබේසිරි)
- ලාල් ශ්‍රී ප්‍රියන්ත
කැනඩාවේ - ටොරන්ටෝ හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්‍යාලයේ නිලධාරියා අක්‍රමිකතාවක..
2013-09-12T08:01:00+05:30
Hot And Fast News
පුවත්|