බුදුන් වහන්සේගේ රුව හතර වරක් මුද්‍රණය කර හතරට නවන ලද මේ කඩදාසි අත්පිස්‌නාව අලෙවියට තබා ඇත්තේ ප්‍රංශයේ ලිඩ්ල් (LIDL) සුපිරි වෙළෙඳ සල්වලය.
අත් පිස්‌නා නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනියේය. වෙළෙඳ නාමය ලෙස පැකැට්‌ටුවේ යොදා ඇත්තේ හාර්ට් ඔෆ් ඒෂියාය (HEART OF ASIA) බුදුන් වහන්සේගේ රුවින් අත පිසදා
මුව පිසදා කසළ බඳුනට දැමීමට සලස්‌වා ඇත්තේ මේ ආසියාවේ හදවත බව දැන දැනම උන්වහන්සේට නිග්‍රහ කිරීමටය.
වෙනත් රටවල බෞද්ධයන්ද ප්‍රංශයේ සිටින බව සැබෑය. පැරීසිය මායිමේ ලංකාවේ බෞද්ධ විහාරස්‌ථාන 4 ක්‌ම පිහිටුවා තිබේ. ප්‍රංශයේ ලංකා තානාපතිවරයා යුනෙස්‌කෝවේ නිත්‍ය නියෝජිතද වේ. අපේ විහාරස්‌ථානවල නායක හිමිවරුන්ටද යුනෙස්‌කෝ නිත්‍ය නියෝජිතටද මෙයට විරෝධය පෑ හැකිය.
මේ බුදුන් වහන්සේට කරන ලද පළමු අගෞරවය නොව බටහිරයන් විසින් කරන ලද අලුත්ම අගෞරවයයි.