ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන්ගේ නිල Twitter ගිණුමට සම්බන්ධ වී සිටින රසික රසිකාවියන් (followers) සංඛ්‍යාව කෝටිය (මිලියන 10) ඉක්මවා තිබේ.
මෙහි සුවිශේෂත්වය වන්නේ, ඉන්දියාවේ වැඩිම followers සංඛ්‍යාවක් හිමි Twitter ගිණුම මෙය වීමය. සිය Twitter ගිණුමේ followers සංඛ්‍යාව කෝටිය ඉක්මවීම පිළිබඳව සතුට පළ කරමින් අමිතාබ් භච්චන් පළ කළ tweet පණිවුඩය පහත දැක්වේ.
71 හැවිරිදි අමිතාබ් භච්චන් මේ වන විට චිත්‍රපට 180කට පමණ රංගනයෙන් දායක වී ඇති අතර The Great Gatsby චිත්‍රපටය හරහා ඔහු හොලිවුඩ් සිනමාවට ද ප්‍රවිෂ්ට විය.
Followers සංඛ්‍යාව කෝටිය ඉක්මවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇති Twitter වෙබ් අඩවිය පවසා ඇත්තේ, අමිතාබ් භච්චන් සිය Twitter ගිණුම හරහා ඔහු රසික රසිකාවියන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බවය.
ඔහු මේ වන විට පළ කර ඇති tweet පණිවුඩ සංඛ්‍යාව 33200 ඉක්මවා තිබේ.