Ads 468x60px

.

'බුදු සරණයි' කියා කටින් කියන අතර කෙළවිලාම පලයන් කියන අපේ වනචාරීන්


තිරප්පනේ පොලිස්‌ ස්‌ථානය අසලදී ලොරියක ගැටීමෙන් මෙයට දෙදිනකට පෙර රැයෙහි එළදෙනක මිය ගියා ය. එළිවන විට ඒ සිරුර අතුරුදන් ය. ඒ සිරුර ගෙන ගොස්‌ තිබුණේ ආදාහනය හෝ භූමදානය කරනු පිණිස නොව මස්‌ පිණිස ය. 

මේ අනුව කෙළින්ම පසට එකතු වීමට තිබූ ඇගේ මාංශය ඒ වෙනුවට මනුෂ්‍යයන්ගේ මුඛය තුළට ගොස්‌ බඩවැල් දිගේ ආමාශය හරහා ගුද
මාර්ගය තරණය කර පසට එක්‌ වන්නේ ය. 

මසට මැරීමේදී පමණක්‌ නොව හදිසි අනතුරකින් මිය ගොස්‌ තිබියදී පවා අනුභවය පිණිස මාංශය පරිත්‍යාග කිරීමට තිරිසන් සතුන්ට සිදුව තිබේ. මේ පුවත මගින් මේ උතුම් පොහෝ දවසේදී අපට කියන කතාව එය ය.

මේ දිනවල ඉරාකය, සිරියාව, ලිබියාව යන රටවල් ආක්‍රමණය කර ISIS නමැති රාජ්‍යය පිහිටුවීමට කටයුතු කරගෙන යන ත්‍රස්‌තවාදී කණ්‌ඩායමේ ප්‍රධාන ආහාරය හරක්‌ මස්‌ සහ රොටී ය. හරකුන්ගේ ගෙල කපන්නාක්‌ මෙන් මනුෂ්‍යයන්ගේ ගෙල කපන ISIS ත්‍රස්‌තවාදීන් පසුගියදා අන්තර්ජාලය ඔස්‌සේ පෙන්වන ලදී. 


එය ඉතාම වේදනාකාරී අත්දැකීමකි. හරකාගේ පමණක්‌ නොව බැටළුවාගේ ගෙල කැපුවත්, කුකළාගේ ගෙල කැපුවත් ඒ සියල්ල ඉතාම වේදනාකාරී ය. දැනට මෙලොවට පහළ වන කුකුළන්ගෙන් සෑම ලක්‍ෂයකට එක කුකුළකුගේ හැර අනෙක්‌ ඉතිරියෙහි ගෙල කපනු ලැබේ.

මසට නොමරා ඉතිරි කරන කිසිදු එළුවෙක්‌ නැත. කුකුළා, එළුවා, බැටළුවා යන සියලු සතුන් අද උපද්දවනු ලබන්නේ මස්‌, සම්, ලොම් සහ ඇට පිණිස ය. ඇටවලින් කටු පොහොර සාදනු ලැබේ. මසට මරන ලද කුකුළාගේ සම පිහාටු, කකුල් කැබැලි යනාදිය උගේම වසුරු සමඟ එකතු කර කොම්පෝස්‌ට්‌ පොහොර සාදනු ලැබේ. 

ෆාම්වල සිටින කිසිදු කුකුළකු දින 45 කට වඩා ජීවත් වන්නේ නැත. දින 45 කින් බෝල ගෙඩියක්‌ තරමට ලොකු වූ පසු ඌ මරනු ලැබේ. දවස්‌ 45 ක්‌ සම්පූර්ණ වන විට කුකුළා නොමරන්නේ නම් ඌ පුපුරා මියයන බවත්, එ බැවින් වඩාත් මානුෂීය වන්නේ ඊට කලින් ඌ මැරීම බවත් කුකුළු ෆාම්කාරයෝ කියති. 

මේ කතාවේ ඇත්ත නැත්ත කෙසේ වුවත් බිත්තරයක්‌ රකිනු පිණිස තබන්නේ එයින් බිහිවන කුකුළා ස්‌ථිර වශයෙන් ම මරන පිණිස බව නම් පැහැදිලි ය. සුනඛයා සහ බළලා හැර ගෙදර හදන සෙසු සියලු සතුන් ගේ අවසානය මස්‌ කඩය ය. 

හරක්‌ මස්‌ නො කන, කිරි හරක්‌ පට්‌ටිකාරයන්ගෙන් 90% ක්‌ ම සිය දෙනුන්ගෙන් තවදුරටත් පැටවුන් සහ කිරි ලබා ගැනීමට බැරි වූ විට මස්‌ කඩයට විකුණති. මේ අය එදිනෙදා ජීවිතයේදී හරකුන්ට කතා කරන්නේ පුතා දුව යනාදී වශයෙනි· ඒ වූ කලී රටට පෙන්වන සෝබනයයි. 

'බුදු සරණයි' කියා කටින් කියන අතර කෙළවිලාම පලයන් යනුවෙන් සිතින් සිතන මානසිකත්වයක්‌ අද මිනිසුන් තුළ තිබේ. අවුරුදු 2500 ක සිංහල බෞද්ධ සංස්‌කෘතිය අද පාවිච්චි කරනු ලබන්නේ ලස්‌සනට රාමු කළ පින්තූරයක්‌ ලෙස විදේශිකයන්ට විකුණනු පිණිස ය.

ගසක බැඳ සිටින හරකාගේ ගාතය කපාගෙන ගොස්‌ උයා අනුභව කරන වනචාරීන් සිටින රටකි, මේ. මස්‌ මඩු තුළ හරකුන් මරනු ලබන්නේ දස වද දීමෙනි. හරකා ඕනෑවට වඩා දැඟලුවොත් කරන්නේ උගේ කකුල් කැඩීම ය. 


ඉන් පසූ කුළුගෙඩිවලින් උගේ හිසට පහර දී කුඩු කර ගෙල ද කපනු ලැබේ. හරකුන්ට දස වධ දී මරණ ඝාතකයන්ට එම දඬුවම ම දෙන සංවිධානයක්‌ බිහි නොවන්නේ ඇයි?

 
Related Posts with Thumbnails