ප්‍රකට සමාජ ජාල අඩවියක් වන රෙඩිට් ඊයේ (24) කළ ප්‍රකාශයක් නිසා ලොව වටා මිලියන ගණනක් මහත් සන්තාපයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. රෙඩිට් අඩවිය ප්‍රකාශ කර සිටියේ මාර්තු 10දා සිට ක්‍රියාත්මක වන පරිදි නිරුවත් ජායාරූප, වීඩියෝ දර්ශන සහ වෙනත් එවැනි දේ;
අදාළ දර්ශනයන්හි පෙනී සිටින පුද්ගලයාගේ අවසරයෙන් තොරව පළ කළොත් ඒවා ඉවත් කිරීමට තමන් කටයුතු කරන බවයි.
අන්තර්ජාලයේ බලවත්ම සමාගම වන ගුගල් අඩවියත් ඕනෑම කෙනෙකුට පිවිසිය හැකි බ්ලොගර් සේවාවන්හි පළ කෙරෙන බොහෝ නිරුවත් ජායාරූප හා වීඩියෝ සම්බන්ධයෙන් මේ හා සමාන ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන බව පසුගියදා ප්‍රකාශ කරන ලදී.