නිවෙස් වලට බරපතල හානි.
මීරිගම දංඕවිට ප‍්‍රදේශය ඔස්සේ පෙරේදා 4 පස්වරුවේ හමාගිය සැඩ සුළගක් හේතුවෙන් නිවාස එකොලහකටකට පමන අලාභ හානි සිදුවි තිබෙනවා.
දංඕවිට, මඩබාවිට, සියඹලාගොඩ, හොරගස්මංකඩ, කොටදෙනිය, තාඹුගල පෙදෙස් හරහා පෙරේදා පස්වරු 4ට පමණ තද වැස්සත් සමග
මෙම සැඩ සුුළග හමාගොස් තිබෙනවා.
මේ නිසා පවුල් රැසක ජනතාව පීඩාවට පත්වී ඇති අතර ජීවිත හානි හෝ තුවාල සිදුවූවන් ගැන වාර්තා වී නොමැත.
මඩබාවිට ප‍්‍රදේශයේ නිවාස 4 ක් හා සියඹලාගොඩ නිවාස 9 කට මෙසේ හානීවී තිබූ අතර වාරකාපොල ප‍්‍රදේශයෙට අයත් පෙදෙස්වලටද මෙම සුළගින් බලපෑම් ඇතිවී තිබුණා.