Ads 468x60px

.

ජවිපෙ අප්‍රේල් විරු සමරුවේ මහා බොරුව

ජවිපෙ අප්‍රේල් විරු සමරුව එක්තරා ආකාරයක උභතෝකෝටියකි. විරුවන් සහ ද්‍රෝහියන් යන ලේබල් දෙක පමණක් භාවිතා කරන ජවිපෙට මේ නිසා බලවත් ගැටළු ඇති වෙයි.   

71 කැරැල්ල ලොකු අතුලගේ කුමන්ත්‍රණයක් නිසා ආරම්භ වූ බව කියා එහි වගකීම විජේවීර අත් හැරියේය. එම නිසා විජේවීරට අනුව 71 කැරැල්ල කුමන්ත්‍රණයකි. 

මේ තියරිය අනුව කැරැල්ලේ දී මියගිය සනත්, සුසිල්, සරත් විජේසිංහ, සුජාත හඳගම, සුභසිල කොඩිකාරඇතුළු 5000 පමණ තරුණ තරුණියන් ද ද්‍රෝහීන් හෝ කුමන්ත්‍රණකරුවන් වෙති. එසේම නොබියව හමුදාව සමග සටන් කල සහ වසර ගණන් ඝන
කැලයේ සැඟවී ගරිල්ලා ජිවිත ගත කල බෝල සමරේ, ගරුසිංහ, රාහුල, කැප්ටන් සෙනෙවි, ඉලුක් සේනාරත්න වැන්නවුන්ද ද්‍රෝහියන්ය. 

මේ හැර​ 1988 - 89 කාලයේ අහිංසක මිනිසුන් මරමින් , දේපළ කොල්ල කමින් , ස්ත්‍රී දූෂණ කරමින් බස් ගිනි තියමින් රට අරාජික ක​ළ ජවිපෙ සාමාජිකයන් ආරක්ෂක අංශ අතින් පසුව මැරුම් කෑවේ නම් ඔවුන්ද අද ඉල්මහ විරු සමරුවේ උපහාරයට ලක්වන්නන්ය. මේ අනුව ජවිපෙ  අප්‍රේල් විරු සමරුව මහා බොරුවකි.

- ඩී . සුගත් රාජපක්ෂ
 
Related Posts with Thumbnails