Ads 468x60px

.

සපත්තු දාගෙන මහින්ද පන්සල් ගියබව උදිත් ලෝකෙටම පෙන්නූ හැටි..!


මේ දිනවල මුද්‍රිත මාධ්‍යවල සහ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවිවල ජනප්‍රිය ඡායාරූපය අප මෙහි පළකර ඇති ඡායාරූපයයි. එම ඡායාරූපය පසුගිය දිනෙක බදුල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සවයකට හිටපු ජනාධිපතිවරයා සහභාගි වෙමින් සිටියදී ලබාගන්නා ලද්දකි.

මෙය සාමාන්‍ය ෆොටෝ එකක් නොවී විශේෂ ෆොටෝ එකක් වන්නේ හිටපු කතානායකවරයෙකු වන වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ පුත් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා නිසාය.


දේශපාලකයන් හා ප්‍රසිද්ධ පුද්ගලයන් හිස්වැසුම් හා පාවහන් පැළඳ ආගමික ස්ථාන තුළ සිටින ඡායාරූප ඕනෑතරම් අප දැකඇති මුත් මෙය විශේෂ වන්නේ අදාල මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා පැළඳ සිටින පාවහන් හිටපු ජනාධිපතිවරයාගේ සරමෙන් ආවරණය කිරීමට දරන
අසාර්ථක උත්සාහය හේතුවෙනි.

මේ අතර උදිත් ලොකුබණ්ඩාර මන්ත්‍රීවරයා මාධ්‍ය සාකචඡාවක් පවත්වමින් පවසා ඇත්තේ එදින හිටපු ජනාධිපතිවරයා සපත්තු පැළඳ නොසිටි බවයි. ඔහු පැළඳ සිටියේ මේස් පමණක් බවත් සරම හුළඟට ගොස් මේස් හෝ වෙනත් දෙයක් පෙනීමට ඉඩඇති බැවින් තමන් පහත්වී සරම සකස් කළ බවත් ඔහු පවසා තිබේ.

පසුගිය 2010 මහ මැතිවරණයේදී ජයග්‍රාහී යුද මානසිකත්වයට පින්සිදු වන්නට පාර්ලිමේන්තුවට පැනගත් මෙවැනි පුද්ගලයන් සිතා සිටින්නේ මෙරට ජනතාව සපත්තු සහ මේස්වල වෙනසවත් තෝරාගැනීමට අසමත් පුද්ගලයන් බවයි.

පසුගිය රාජපක්ෂ පාලන සමයේදී මහින්ද රාජපක්ෂ මහතා හොරකම් කළ ඇමතිවරුන් ඇතුළු තම හෙංචයියන්ගේ ෆයිල් ළඟ තබාගනිමින් ඔවුන් ආරක්ෂා කළ අතර එයට ප්‍රත්‍යුපකාර ලෙස එම දේශපාලනඥයන් හිටපු ජනාධිපතිවරයා කරන කියන දේ හිස්මුදුණින් පිළිගත් අතර ඔහු වෙනු වෙන් හැමවිටම නිර්ලජ්ජී ලෙස පෙනීසිටියහ. එවැනි අවස්ථා අප රූපවාහිනී විවාද වැනි අවස්ථාවලදී ඕනෑතරම් දැක ඇත්තෙමු.

හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්වීමෙන් පසුවද ඉහත කී දේශපාලනඥයන් සහ හෙංචයියන් තවමත් ඔහු වෙනුවෙන් නිර්ලජ්ජී ලෙස පෙනී සිටිති. මෙම ඡායාරූපයේ උදිත් මන්ත්‍රීවරයාගේ ක්‍රියාවෙන් පැහැදිලි වන්නේ එයයි. 


මොවුන් පැළඳ සිටින පාවහන් ආවරණ කරන්නාක් මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ හොරකම්, තක්කඩිකම්, දූෂණ, ඝාතන සියල්ල සෝදාහැර සුදු පිරුවට අන්දවා අගමැති තනතුර කරා රැගෙනයාමට මේ වනවිට උත්සාහ කරමින් සිටී.

මෙවැනි පුද්ගලයන් නිසා හිටපු ජනාධිපතිවරයාට වැඩිකල් නොගොස් සිදුවන්නේ තමාගේ ආරක්ෂාවට තම අසිපත වඳුරෙකුට ලබාදී නින්දට ගිය රාජ කුමාරයාට සිදුවූ සන්තෑසියමය.



අපි විජේසිංහ මුදියන්සේලාගේ ලොකුබණ්ඩාරලා - දකින දකින මිනිහගෙ සරං හදන්න යන්නේ නෑ
 
Related Posts with Thumbnails