පසුගියදා පැවති විවාහ මංගල්‍යයකට සාක්ෂියට අත්සන් කිරීම සඳහා සහභාගි වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග 'සෙල්ෆි' ගැනීම සඳහා විවාහ උත්සවයට පැමිණ සිටි පිරිස් පොරකා ඇති බව මාධ්‍යයන්හි සඳහන් වුණා.
ජනාධිපති ධූරය දැරූ අවධියේත් මගුල්ගෙවල් මළගෙවල් දානගෙවල් බණගෙවල් කොටහලු මගුල්ගෙවල් සොය සොයා ගිය හිටපු ජනාධිපති තුමා විවේකයක් ලදවිට, අරලියගහ මන්දිරයේ උඩුමහළට වී මෙගා
ටෙලිනාට්‍ය නැරඹූ බව ඔහුගේ සමීපතමයෝ පවසනවා.
මේ දිනවල පැන්ෂන් සුවයෙන් අභයාරාමයේ වැඩවාසය කරන මහින්ද රාජපක්ෂ මහතා කෝල කැකුළියක් සමග ගත් සෙල්ෆියක් මුහුණු පොතේ දුටු අයෙක් කව්සිළුමිණ ආරෙන් ලියූ පහත පැදි පෙළ හුදීජන පහන් සංවේගය උදෙසා මෙසේ පළකරන්නෙමු.
රතොට රතො දියෙම්
කපොල් පත් ලේ බිඳියෙම්
තන හසට පිට දියෙම්
'සෙල්ෆි' ලුහා නුගියට.......
නව කව්සිළුමිණ (සෙල්ෆි වර්ණනාව)
විවරණය
රතු තොලට රතු තොල දී කම්මුල් ලේපැහැ ගැන්වුවද තන හසට පිටදී සිටියද මාගේ සෙල්ෆිය මා හා උරණ නොවීය.