බලගොල්ල කේන්ගල්ල ප‍්‍රදේශයේ නිවසක බලු කූඩුවක රඳවා සිටියදි ඉකුත් දා පොලිස් භාරයට ගනු ලැබූ පියා මිය ගොස් තිබෙනවා. ඒ අම්පිටිය ප‍්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රඳවා සිටියදියි.
මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 ක්. මෙම පියා බලු කූඩුවේ රඳවා තැබීමේ සිද්ධිය සම්බන්ධයේ අත්අඩංගුවට ගැනුණු ඔහුගේ දියණිය
අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්දනාගාර ගත කෙරුණා.
ඉන් අනතුරුව මහනුවර අතිරේක මහේසත‍්‍රාත්වරයා විසින් සැකකාර දියණිය ඇප මත මුදා හැරුණා.
මියගිය පියාගේ මලසිරුර මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අධිකරණ නියෝග මත රජයේ වියදමින් අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.