Ads 468x60px

.

ඉදිරියේදී එය අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිතය


පත්වුණු හැම ආණ්‌ඩුවක්‌ම මේ රටේ තිබෙන්නේ "නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌" බව නිතර අපට මතක්‌ කරන්නේය. එසේ මතක්‌ නොකරන්නට ඒ බව අපට අමතක වී බොහෝ කලක්‌ ගතවී තිබෙන්නට පුළුවන. එසේ අමතකවීමට හේතුව මතක්‌ කරනවා හැරෙන්නට කියන තරමේ නිදහසක්‌ සෞඛ්‍ය සේවයේ දකින්නට නොලැබීමය.

අපි පෙරේදා (19දා) පුවත්පත
පළවී තිබූ ප්‍රවෘත්තියක්‌ ගැන අවධානය යොමුකරමු. එම ප්‍රවෘත්තියෙහි සඳහන් වන්නේ ඉකුත් වසරේ ජුලි මස සිට මේ දක්‌වා ගතවූ කාලය තුළ දේශීය වෙළෙඳපොළෙහි පවතින
ප්‍රධාන පෙළේ අත්‍යවශ්‍ය ප්‍රතිජීවක බෙහෙත් වර්ග රැසක මිල ගණන් සියයට 200 සිට සියයට 300 දක්‌වා වූ ප්‍රතිශතයකින් ඉහළ ගොස්‌ ඇති බවය. 

අලුතින් බෙහෙත් වර්ග ලියාපදිංචි නොකිරීමත්, ශ්‍රී ලංකාවේ රුපියලට සාපේක්‍ෂව ඇමරිකානු ඩොලරයේ මිල ඉහළ යැමට හේතුව බවද එහි සඳහන්ය. මොන හේතුවක්‌ නිසා හෝ මේ අර්බුදයෙන් පීඩා විඳින්නේ පුද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීමට නිර්දේශ කරන රෝගීන් බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙහි බරපතල තත්ත්වය වාර්තාවන්නේ මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයෙනි. එහි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක්‌ මේ දිනවල පවතින බව කියෑවේ. ඖෂධ හිඟයට හේතුව වසර 2016 සඳහා වූ ඖෂධ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මහනුවර වකුගඩු ඒකකයට නොලැබීමය. 


වකුගඩු බද්ධ කිරීමට ලක්‌වුණු රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ නොමැතිවීම බරපතල කාරණයකි. ඒ බොහෝ දෙනෙකුට පිටතින් ඖෂධ මිලදී ගැනීමට වත්කමක්‌ද නොමැත. නිදහස්‌ සෞඛ්‍ය සේවාව පිළිබඳව ප්‍රශ්න ඇතැයි කියන්නට මේ "සුළු" කාරණා ප්‍රමාණවත්ය. අප විසින්ම මෙය "සුළු" කාරණයක්‌ බවට ඉස්‌මතු කරන්නේ අදාළ බලධාරීන් මේවා "සුළු දේවල්" බව කියන්නට කට ඉස්‌සර කරන්නට පෙරය.

ඖෂධ සම්බන්ධයෙන් තවත් නොලියෑවුණු කාරණා බොහෝමයකි. ඒ කරුණු සියල්ල තරමක්‌ නරක කාරණාය. හොර දොස්‌තරවරු, හොර µdමසි, ප්‍රමිතියෙන් බාල බෙහෙත් වැනි බොහෝමයක්‌ නරක තොරතුරු දිගින් දිගටම වාර්තා වන්නේ ඖෂධ පනත ගෙන ඒමෙන් පසුව වීම අපට හිසරදය ඇති කරවන්නකි.

නිදහස්‌ සෞඛ්‍ය සේවාවක්‌ යටතේ වුව ලැබෙන්නේ මාංචු දැමූ සැළකිලිය. ලෙඩකින් දුකකින් මියයැම ඊට වඩා සැපතක්‌ යෑයි ජනතාව සිතන්නේ නම් එය සාධාරණය. ඖෂධ පනත ගෙන ඒමෙන් පසු දාපු සද්දේ තරමටම වැඩ නැති බව පෙනේ. 


ආණ්‌ඩුව බෙහෙත් මිල අඩුකරනවා යෑයි කීවද එය එසේ සිදුවුණේ නැත. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්‌ථාවේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර පසුගිය දිනෙක පුවත්පතට ප්‍රකාශ කර තිබුණු පරිදි "ඉදිරියේදී එය අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිතය." එය "අද නොවේ හෙට" මට්‌ටමේ බාලගිරි දොෂයක්‌ නොවේවා·යි අපි ප්‍රාර්ථනා කරමු.

එහෙත් හෙට දවස නොව අද දවසේ ඉක්‌මන් විසඳුම් සෙවිය යුතු අර්බුදයක්‌ හමුවේ අදාළ අංශ ක්‍රියාත්මක වීමේ යම් උදාසීන බවක්‌ දකින්නට ඇත. විශේෂයෙන් මහාචාර්ය සේනක බිබිලෙගේ ඖෂධ ප්‍රතිපත්තියට අන්තර්ගතව තිබූ කරුණු තවදුරටත් ගෙනයමින් ගෙන එන ලදැයි කියන නව පනත යටතේ පූර්ණ බලතල ඇති ආයතන දෙකක්‌ ස්‌ථාපිත කර තිබේ. පළමුවැන්න ජාතික ඖෂධ ප්‍රමිති අධිකාරියයි. 


දෙවැන්න ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයයි. මේ ආයතන යටතේ ගුණාත්මක බවින් ඉහළ ඖෂධ රට තුළට පැමිණීම තහවුරු කිරීමත්, බාල ඖෂධ රට තුළට පැමිණීම වැළැක්‌වීමත්, ඖෂධ මිල නියාමනය කිරීමත්, ඖෂධ අලෙවිකරණ ස්‌ථාන විධිමත් ලෙස නියාමනය කිරීමත් වැනි වැදගත් කරුණු ගණනාවක්‌ අඩංගුවේ. 

එහි සඳහන් වන "ඖෂධ මිල නියාමනය කිරීම" යන්න උපරිම ලෙස ඖෂධ මිල පාලනය සඳහා යොදා ගැනීමට හැකියාව ඇති වගන්තියක්‌ බව අපි විශ්වාස කරමු. සේනක බිබිලේ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන යනවා යෑයි කියන ආණ්‌ඩුවකට මෙය එතරම්ම අසීරු කාරණයක්‌ නොවන බවද අපි බරපතල ලෙසම විශ්වාස කරමු.
 
Related Posts with Thumbnails