දැයට කිරුළට සමගාමීව සංවර්ධන ව්‍යාපෘති රැසක්
දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
මේ යටතේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ධාවනයෙන් ඉවත් කළ බස්රථ 50 ක් සම්පූර්ණයෙන්ම නවීකරණය කර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ගවල ධාවනයට යොදවන බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.
එමෙන්ම අනුරාධපුර දුම්රිය ස්ථානය ද නවීකරණය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.
එමෙන්ම අනුරාධපුර දුම්රිය විශ්‍රාම ශාලාව ද නවීකරණය කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
දැයට කිරුළ ප්‍රදර්ශනය පෙබරවාරි 4 වැනිදා සිට 10 වැනිදා දක්වා අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිතය.