Ads 468x60px

.

වේයන්ගොඩ ගුවන් පාලම ඉදිකිරීම අද ඇරැඹේ

වේයන්ගොඩ මංසන්ධියේ වාහන තදබදය අවම කිරීම සඳහා නව ගුවන් පාලමක්‌ ඉදිකිරීමේ කටයුතු අද (12 වැනිදා) පෙරවරුවේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරනු ලබයි.

නිට්‌ටඹුව සිට කටුනායක මහාමාර්ගය හරහා දුම්රිය මාර්ගය ගමන් කිරීම නිසා බොහෝ අවස්‌ථාවල මෙම මංසන්ධියේ අධික වාහන තදබදයක්‌ ඇති වේ. මෙම නව ගුවන් පාලම ඉදිකිරීමත් සමඟ එම වාහන තදබදය අවම කරගත හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම මීටර් 350 ක්‌ පමණ දිගකින් යුක්‌ත වන අතර පාලම සහ නව මාර්ගය ද වේයන්ගොඩ මන්සන්ධිය අසල පිහිටි ඉන්ධන පිරවුම්හල සහ විහාරස්‌ථානය අසලින් ඉදිකෙරෙන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
 
Related Posts with Thumbnails