දඬුගම්ඔයේ ජලය පානය කිරීමෙන් වැළකෙන ලෙස උපදෙස්දීමත් සමඟ තමන් උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බව රද්දොළුගම ප්‍රදේශවාසීන් පවසයි.
රද්දොළුගම නිවාස සංකීර්ණයේ ජීවත්වන ජනතාව මින් වඩාත්ම දුෂ්කරතාවට පත්ව ඇත.
මේ පිළිබඳව අප කළ වීමසීමකදී ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරී කපිල රංජිත් දේවසුරේන්ද්‍ර පැවසුවේ දඩුගම්ඔයෙන් ලබාගන්නා ජලයේ දුර්වර්ණ වීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවූ බවය.
දුෂ්කරතාවට පත් ජනතාවට බවුසර් මගින් ජලය ලබාදීමට පියවර ගෙන ඇති බවද වැඩබලන අතිරේක සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේය