අනුරාධපුරයේ හොරොව්පතාන කැලෑ ප‍්‍රදේශයක සිටි වන අලි පැටවෙකු කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇතැයි වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
ජීප් රථයකින් සහ කාර් රථයකින් පැමිණි පිරිසක් මෙම අලි පැටියා සොරාගෙන ඇතැයි ඔවුන් සැක කෙරේ.
අලි පැටියා පසුගිය 7 වැනිදා සිට අතුරුදහන්ව ඇතැයි පැවසේ.
මේ සඳහා එම ප‍්‍රදේශයේ පුද්ගලයන් කිහිපදෙනෙකු ද හවුල්වී ඇතැයි ද සැකකෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපරේතමේන්තුව පොලිසිය දැනුවත් කර ඇතැයි ද පැවසේ. අලි පැටියා සොරාගත් බවට සැක කෙරෙන ස්ථානයේ තිබී කඹයක්ද සොයාගෙන තිබේ.
අතුරුදහන් වූ අලි පැටියාගේ වයස මාස හයක් හතක් වන බවත්, උස අඩි තුනහමාරක් පමණ වන බවත් මේ අතර වාර්තා වේ.