බොලිවුඞ් තරුවල සහෝදර සහෝදරියන් මෙන්ම ඥාතීන් ද බොලිවුඞ් පුරවරයට ඇතුළු වීමේ ප‍්‍රවණතාවයක් මේ වන විට පවතියි.
මෙලෙස බොලිවුඞ් පුරවරයට අවතීර්ණ වන අළුත්ම තාරකාව වන්නේ මේ දිනවල මර්ඩර් 2 හරහා විශාල ජනපි‍්‍රයත්වයකට පත් ශ‍්‍රී ලංකාවේ හිටපු රූ රැජින ජැකලින් ෆර්නැන්ඩිස්ගේ ඥාති සොයුරිය වන චන්දි පෙරේරා ය.
ශ‍්‍රී ලංකාවේ උපත ලද චන්දි, පසුව ඕස්ටේ‍්‍රයාවට ගොස් ඇති අතර එහිදී මෝස්තර නිරූපන ශිල්පියෙකු ලෙස කටයුතු කර ඇත.
පසුගිය දිනක ඉන්ඩියා ටුඬේ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඇය පවසා ඇත්තේ තමා අතිසාර්ථක ස්වීට් ඒන්ජල් චිත‍්‍රපටිය ඇතුළු චිත‍්‍රපටි රැසකට සහභාගී වී ඇති බවයි.
මීට බොහෝ කලකට පෙර සිට බොලිවුඞ් තිරයට පිවිසීමට තමා කැමැත්තෙන් සිටි නමුත්, එහි කිසිවෙකු තමා නොදැන සිටි බව ද ඇය පවසයි.
කෙසේවුවද, තමාගේ ඥාති සහෝදරිය වන ජැකලින් ගේ බොලිවුඞ් සාර්ථකත්වය හමුවේ තම ආත්ම විශ්වාසය ඉහළ ගිය බව ඇය වැඩිදුරටත් පවසා ඇත.
කෙසේවුවද මේ සම්බන්ධව තවමත් ජැකලින් ව හමු නොවී ඇති චන්දි, ඊට හේතු ලෙස පවසා ඇත්තේ ඔවුන්ගේ ඥාති සබඳතාවයෙන් අනිසි වාසි ලබාගැනීමට තමා අකමැති බවයි.
ජැකලින් දක්‍ෂ නිළියක් නමුත් තමා ට ඊට වඩා චරිතාංගන නිළියක් බවද ඇය පවසා ඇත.
මේ වන විටත් තමා බොලිවුඞ් නිෂ්පාදකයන් කිහිපදෙනෙකු දැනහඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී විශාල චිත‍්‍රපට කිහිපයකට අතගැසීමට හැකි වනු ඇති බවත් ඇය වැඩිදුරටත් පවසා ඇත.