පහ වසරේ ඉගනුම ලබන දැරියකට අතවර කිරීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටියුෂන් ගුරුවරයෙකු මහනුවර අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දින 14 ක් රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කටුගස්තොට ප‍්‍රදේශයේ අයෙකි.
එම ගුරුවරයා රාජ්‍ය සේවයේ රාජකාරියයේ නිරතව සිට වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙකු බව පොලිසිය සදහන් කළේය.