Ads 468x60px

.

භාරත රිදී තිරය වර්ණවත් කල ශම්මි කපූර් ජීවිතයෙන් සමුගනි

පසුගිය අගෝස්‌තු 7 වැනිදා වකුගඩු රෝගය උත්සන්න වී ඔහුව බ්‍රිච් නාන්වි රෝහලට ඇතුළත් කෙරිණි. අගෝස්‌තු 14 වැනිදා පෙරවරු 5.15 ට ඔහු අභාවප්‍රාප්ත විය.භාරත රිදී තිරයේ අතිශයින්ම ජනප්‍රියතම යුගය වූයේ 1950 සිට 1970 දක්‌වා වූ සමයයි. ශම්මි කපූර් අයත්වන්නේ එම යුගයටයි. ඔහුටම ආවේණික රංගන ශිල්පයකින් යුත් ශම්මි කපූර් නිසා භාරත රිදී තිරය වර්ණවත් විය.
1953 දී ජීවන් ජෝති චිත්‍රපටයෙන් රිදී තිරයට පායන මේ අසම සම නළුවා පසුව තුම්සේ නහින්දේකා, දිල් දෙඛෝ දේඛෝ, ජංග්ලි, දිල්තේරාදීවානා, ප්‍රොපෙසර්, චයිනා ටවුන්, රාඡ්කුමාර, නැන්පර්කිකාල ජන්වර්, නෙස්‌රි ටක්‌සිල් ඇන් ඊවිනින් ඉන් පැරිස්‌ අන්ද්‍රස්‌ වැනි අතිශයින්ම ජනප්‍රියතම වූ චිත්‍රපටවල රඟපෑවේය.

1931 ඔක්‌තෝම්බර් 20 වැනිදා මුම්බාය නගරයේ උපන් ශම්මි කපූර් මුලින්ම ගීතාබාලි සමඟ විවාහ විය. 1965 දී ඇය මිය යැමෙන් පසු නීලා සමඟ විවාහ විය. 1968 දී ඔහුට හොඳම නළුවාට හිමි බ්‍රහ්මචාරී චිත්‍රපටය සඳහා වූ ෆිල්ම් ෆෙයාර් සම්මානය හිමිවිය. ශම්මි කපූර් ගැන පවසන විට ජංග්ලි චිත්‍රපටයේ ඔහු යාහූ හ්යදද නමින් නැගයන අයුරු සිහිපත් වේ.

අන්තර්ජාලයේ යාහූ නිර්මාතෘවරයා මුම්බායි නගරයේදී යාහූ වෙබ් අඩවිය දොරට වැඩීමේ උත්සවයට ශම්මි කපූර්ව කැඳවීය.

ප්‍රීති විරාඡ් කපූර් නම් වූ චිත්‍රපට පවුලට රාඡ්කපූර්, ශම්මි කපූර් සහ ශෂී කපූර් අයත් විය. 1948 දී රුපියල් 1500 ක මාසික වැටුපකට ආධුනික ශිල්පියකු ලෙස රිදී තිරයට සම්ප්‍රාප්ත වූ ශම්මි කපූර්ව පසුව අතිවිශාල මුදල් සම්භාරයක්‌ වැය කරමින් නිපද වූ චිත්‍රපටවලට තෝරා ගනු ලැබීය.

ශම්මි කපූර්ගේ රංගන විලාසය දුටු ඔහුගේ වැඩිමහල් සොහොයුරු රාඡ් කපූර් වරක්‌ පැවසුවේ ඔහුගේ නැටුම් විලාසය කිසි දිනක තමාට කළ නොහැකි බවයි. 1955 දී ඔහු තමා සමඟ රන්ගින් රන්ගන් චිත්‍රපටයේ රඟපෑ ගීතාබාලි සමඟ විවාහ විය. එහෙත් නෙස්‌රි ටස්‌ඩිල් චිත්‍රපටයේ රඟපෑම සඳහා ඔහු පිටත්ව ගොස්‌ ඇති අවස්‌ථාවක ගීතා බාලි වසංගත රෝගයක්‌ වැළඳී මිය ගියාය. මේ විවාහයෙන් අදිත්‍ය රාඡ් කපූර් හා කාත්මන් නමැති දරු දෙදෙනකුද විය.

මේ විශිෂ්ටතම රංගනයේ යෙදුණු නළුවා සම්බන්ධ චිත්‍රපට අධ්‍යක්‌ෂ ශක්‌ති සාවත්කා පැවසුවේ ශම්මි ඉතා හොඳ නළුවකු බවයි. ඔහු අධ්‍යක්‌ෂවරයාට සවන්දෙන අයෙක්‌. එක්‌ වතාවක්‌ සවන්දුන්නාම ඔහු එය අකුරටම ඉටුකරනවා. ඇන් ඊවිනින් ඉන් පැරිස්‌ චිත්‍රපටයේ හෙළිකොප්ටරයක එල්ලී ගීතයක්‌ ගායනා කරන දර්ශයක්‌ තිබුණ. මුහුදට වැටෙයි කියා ඔහුගේ බඳ හෙළිකොප්ටරයේ ඇතුලේ යට ගැටගැසීමට මා යෝජනා කළත් ශම්මි කපූර් ඊට කැමැති වූයේ නැහැ. ඔහු කිව්වා ප්‍රේක්‌ෂකයන් හිනාවි බියගුල්ලෙක්‌ කියලා. නමුත් ඒ දර්ශනය ඔහු මැනවින් ඉටු කළා යෑයි ශක්‌ති සාවස්‌කා කියා සිටියේය. රවී සංගීතය සැපයූ චයිනා ටවුන්, උගසාගන්නා සංගීතය සැපයූ දිල්දේඛෝ දේතෝ, එයනර් වැඩිනිෂන්ගේ සංගීතය මුසුවූ ජන්ටර් ඊවිනිස්‌ ඉන් පැරිස්‌, සංග්ලි, බුනිටචාර්, ඕ. පී. නායර්ගේ සංගීතයෙන් යුත් කාශ්මීර් කී කලි වැනි චිත්‍රපට ශම්මි කපූර්ගේ අපූර්වතම රංගන විලාසයට නිදසුන්ය.

සයිරා බානු, ආශාපරෙන්, ශර්මිලා නාගේර්, මධුබාලා ඇතුළු නිළියන් රැසක්‌ සමඟ හෙතෙම ප්‍රධාන චරිතය රඟපෑවා. "බ්‍රහ්මචාරී" චිත්‍රපටය අනිකුත් චිත්‍රපටවලට වඩා වෙනස්‌ය. අනාථ දරුවන් තත්ත්වයටත් රැකබලාගන්නා චරිතයන් සඳහා ඔහු පණපෙවීය.

1962 දී හොඳම නළුවා ලෙස සම්මානය ලත් ශම්මි 2008 දක්‌වා සම්මාන හිමිවිය. 2002 දී ඔහුට ඉන්දීය සිනමා ක්‌ෂේත්‍රය විසින් භාරත සිනමාවට කළ සේවාව සඳහා වූ සම්මානය පුද කෙරිණි.

1953 ජීවන් ජෝති චිත්‍රපටයෙන් සිය රඟපෑම ආරම්භ කළ ශම්මි කපූර් 2011 වසරේ රොක්‌ස්‌ටාර් චිත්‍රපටයෙන් රඟපෑම අවසන් කළේය.ඒ වනවිට චිත්‍රපට 80 ක ඔහු රඟපා තිබිණි.


මියයන විට 79 හැවිරිදි වියේ පසුවූ ශම්මි කපූර් සම්බන්ධයෙන් සුපිරි නළු අමිතා බච්චන් පැවසුවේ භාරත රිදී තිරය ඔප් නැංවූ විශිෂ්ටතම රංගන ශිල්පියකු වූයේ ශම්මි බවයි. ඔහු ඇඟ සොලවන ආකාරය මට කරන්න බැහැ. එයයි ඔහුගේ දක්‌ෂකම යෑයි බච්චන් කියා සිටියේය.

මිනිසකු සදානුස්‌මරණීය වන්නේ ජීවත්ව සිටිනවිට නොව මියයැමෙන් පසුව යෑයි ෂෙsලි නමැති කවියා වරක්‌ පැවසීය.

අද සිටින ප්‍රේක්‌ෂකයන් මේ ශම්මි කපූර් කවුද යෑයි විමසනු නියතය. එහෙත් අන්තර්ජාලයට පිවිසෙන විට ශම්මි කපූර් කවුද කියා දැසින්ම දැකගත හැකිවනු ඇත.
 
Related Posts with Thumbnails