අහිංසක සතුන් දහස් ගණනක් එකම මොහොතක අමානුෂික ලෙස ඝාතනය කරන, දකුණු
ආසියාවේ පැවැත්වෙන විශාලතම බිළි පූජාවක් අද දිනයේ මුන්නේශ්වරම් කාලි
කෝවිලේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය වසරේදීද මෙම බිළි පූජාව පැවැත්වූ අතර ඊට එරෙහිව රට පුරා විවිධ
සංවිධාන විවිධ ආකාරයේ විරෝධතාවයන් දැක්වීය. එම විරෝධයන් සැලකික්ලට ගනිමින්
මෙවර ගිය වසරේ මෙන් විශාල ප‍්‍රසිද්ධියක් නොදී මෙය සිදුකිරීමට සවිංධායකයෝ
කටයුතු කර ඇතැයි දැනගන්නට ලැබේ.