සෞදි යවන බව පවසා දැරිය සුදු පැහැති වෑන් රියකින් කොළඹට ගෙනවිත් ඇය සිහි නැතිකර සැකකරු විසින් වරක් ඇය අපයෝජනය කර ඇති බව ද මෙහිදි රහස් පොලිසිය දැන්වීය.
පසුව දැරියට සිහියවිත් බලන විට ඇය ඇඳ සිටි ඇඳුම් කිසිවක්
නොවූ බවත් අදාළ සැකකරු යළිත් වරක් එම කාමරයට පැමිණ ඇය මරා දමන බව පවසා බෙල්ලෙන් අල්ලා යළිත් වරක් ඇයව අපයෝජනය කළ බවට කරුණු හෙලි වී ඇතැයි ද පොලිසිය කීය.
ති‍්‍රකුණාමලය කින්යා ආදි ප‍්‍රදේශවල බාලවයස්කාර දැරියන්ව ව්‍යාජ වයස යොදා විදෙස් ගමන් බලපත් සකස්කර සෞදි අරාබියේ රැකියාවලට යවන බව පවසමින් රැගෙනවිත් අපයෝජනය කරනු ලබන ජාවාරමක තතු හෙලිවී ඇතැයි රහස් පොලිසිය විසින් අද (12) කොළඹ හේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
එලෙස රැගෙනවිත් දැරියක් අපයෝජනය කළ බවට චෝදනා එල්ල වී තිබෙන දෙහිවල කවුඩානේ පදිංචි මොහොමඞ් හුසේන් මොහොමඞ් සදර් නැමැත්තෙකු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවට පමුණුවමින් මේ රහස් පොලිස් නිලධාරීන් මේ බව පැවසීය.
එම සැකකරු ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගතකරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව ද රහස් පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට දැන්වීය.