මේ දිනවල සිරස නාලිකාවේ විකාශයවන සිහින පුරය හා සඳ මැදියම ටෙලිනට්‍යවල ‘චන්දිමා’ හා ‘සපුමලී’ ලෙස චරිත මවන අයෝධ්‍යා දක්‍ෂිකා වැඩිවියට පත්ව ඇත්තේ ටෙලියක රූගත කිරීම් සිදුකරමින් සිටියදී බව වාර්තා වේ.කෙසේවවුද ඇය එසේ වැඩිවියට පත්ව පසුදින රූගත කිරීම්වලට සහභාගිවූ බව ද පැවසේ.මේ වසරේදී උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අයෝධ්‍යා 2006 වසරේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම ළමා නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වූවාය.
පි‍්‍රයන්ත සමරකොන්ගේ බක්මහ සිහිනය ඒකාංගික ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසි අයෝධ්‍යා පවුලේ එකම දරුවාය.පානදුර බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලද ඈ රඟපෑ මුල්ම චිත‍්‍රපටය වූයේ සනත් අබේසේකරගේ වන් බ්ලඞ්ය.අයෝධ්‍යා පසුගිය කාලයේදි රඟසොබා, අනුහස් විජිතය, සිංදුකියන උණ පඳුර, අකුරු තරහ නෑ, මායාරූ, සේසත්හාමිගේ නිධානය, දිය සායම්, ආදර රිද්ම ඇතුළු නාට්‍ය 28 ක පමණ චරිත නිරූපනය කිරීමට සමත්වූවාය.මුල්කාලයේ තම රංගන දිවියට දමිතා අබේරත්න උදවුකළ බවද ඇය මාධ්‍යට පවසා තිබේ.