ඉන්දීයාවෙන් ලැබෙන මාධ්‍ය වාර්තාවලට අනුව සුපිරි බොලිවුඩ් නිළි ඓශ්වර්යා රායි බච්චන්ගේ දරු ප්‍රසූතිය නොවැම්බර් 17වනදා සිදුවනු ඇති බවට සඳහන්ව ඇත.ඇය ව පෙරේදා (14) උදෑසන ඉන්දියාවේ ‘සෙවන් හිල්ස්’ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් අමිතාබ් බච්චන් මාධ්‍ය ප්‍රකාශ කර ඇත්තේ, මේ දිනවල අයිශ්ගේ දරු ප්‍රසූතියේ බලාපොරොත්තුව සමඟින් තම පවුලේ අයට උදාවන සෑම දිනයක් ම නැවුම් බලාපොරොත්තු සමඟින් උදාවන දිනයන් බවයි.
‘සෙවන් හිල්ස්’ නම් වූ සුපිරි රෝහලේ සම්පූර්ණ මහලක් අයිශ් වෙනුවෙන් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇති අතර එසේම එම මහලේ ඇති විශේෂ රෝහල් කාමරවල අයිශ්ගේ සමීප ඥාතීන්ද නතර වී ඇති බව අනාවරණය වී තිබේ.රෝහලේ එම මහළට යාම සඳහා විශේෂ අවසර පතක් ද නිකුත් කර ඇති අතර ඊට අමතරව එයට ඇතුළු වීමට අවසර ලැබී ඇත්තේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් කිහිප දෙනෙකුට පමණි.