දක්ෂිණ අධිවේගි මාර්ගය ආරම්භ කළ දින සිට මේ
දක්වා කාලය තුළ මාර්ග නීති කඩ කළ රියදුරන් 153 දෙනෙකුට නඩු පැවැරිමට කටයුතු
කර ඇති බව පොලීසිය පවසයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ, මේ දක්වා කාලය තුළ රිය අනතුරු 15ක් සිදුව ඇති බවයි.දක්ෂිණ අධිවේගි මාර්ගයේ පයින් ඇවිද යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
අධිවේගියේ පළමුවරට පයින් ගිය පුද්ගලයා අත්අඩංගුවට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිනිසුන් ගමන්
කිරීම සම්පුර්ණයෙන් තහනම්කොට ඇති අතර දෙපස ඇති ගම්මාන වලින් මිනිසුන් හා
සතුන් ඇතුල්වීම වැලක්වීමට දැල් කම්බි ආවරණයක්ද යොදා තිබේ.අධිවේගී මාර්ගයේ පයින් ගමන්කළහොත් ගෙවීමට
සිදුවන දඩය රුපියල් 5000 කි. මේ අනුව පසුගිය සිකුරාදා දිනයේ අධිවේගී
මාර්ගයේ මිනිසෙකු ගමන් කිරීමේදී අධිවේගී මාර්ගයේ විශේෂ පොලිස් ඒකකය මගින්
අත්අඩංගුවට පත්වී ඇත.මොහු කහතුඩුව ප්‍රදේශයෙන් අධිවේගී මාර්ගය
හරහා පාර මාරුවීමට උත්සාහ කොට ඇත.ඔහු මේ වන විට අධිකරණයට ඉදිරිපත්කොට ඇති
අතර ඔහු අධිවේගී මාර්ගයට පිවිසි ස්ථානය මේවන විටත් සොයමින් පවතී.