දකුණු අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන කටයුතු සදහා යොදා තිබෙන ශ්‍රී ලංකා
ගමනා ගමන මණ්ඩලයේ බස් ධාවන තොරතුරු රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ 1919
දුරකථන අංකයට ඇමතීමෙන් ජනතාවට දැනගතහැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා
සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසනවා.
මේ අනුව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල බස්රථ ධාවනය වන කාලසටහන මගී ජනතාවට දැනගත හැකිවේ.දුම්රිය ධාවනය වන කාලවේලාවන් පිළිබද තොරතුරු දැනටමත් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමතීමෙන් ජනතාවට දැනගත හැකිවේ.