ටී.වී දෙරණ ආයතනයේ විධායක වාර්තාකාරිණිය ද වන ඩිල්කා 16 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේ දී හොඳම රූපවාහිනි ප‍්‍රවෘත්ති නිවේදකයන් තිදෙනා අතරට එක්වීමට ද සමත් විය.ඇය දෙරණ රූපවාහිනියේ 360 සජීවි දේශපාලන වැඩසටහන හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට ද පත්වූවාය.
පසුගියදා අප "දෙරණේ දිල්කාගේ විවාහය ළඟදීම"යනුවෙන් ලිපියක් පල කරමින් දිල්කා සමන්මලී මෙනවියගේ විවාහය 19 දින පැවැත්වෙන බව ඔබට හෙළි කරා.ඒ අනුව දිල්කා සමන්මලී මෙනෙවියගේ විවාහ උත්සවය අද දින පරිසරවේදී අසේල මුතුමණිගේ මහතා සමග සිදුවුවා.
දෙරණ නාලිකාවේ විධායක වාර්තාකාරිණියක් වන ඇය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසටද ජනප්‍රියත්වයට පත්වුවා.ඇය වඩාත් ජනාකර්ශනයට ලක්වුයේ ටීවී දෙරණ නාලිකාවේ 360 වැඩසටහන මෙහයවිම මගින්.
ඇයගේ විවහා උත්සවය පැවැත්වුයේ කොළඹ ගංගාරාමය අසල පිහිටි දුපතෙයි.විවාහ උත්සවය සදහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරු රැසක්ම සහභාගී වී සිටි බව දක්නට ලැබුනා.
දෙරණ ආයතනය විසින් ගන්නා දිල්කාගේ විවාහ උත්සවේ ජයාරූප